රට විශාල අනතුරක බව ජවිපෙ නායක අනතුරු අගවයි

389


බරපතළ ආර්ථික අර්බුදය හමුවේ රට මේ වන විට කප්පිත්තෙකු නැති
කුණාටුවකට හසුවූ නැවක් තත්ත්වයකට පත්ව ඇති බවත් මෙම අර්බුදය විසඳීම සඳහා ඉක්මන් යෝජනාවලියක් ආණ්ඩුව රටට ඉදිරිපත් කළ යුතු බවත් එසේ නොකළ හොත් ඉදිරි මාස දෙක-තුන ඇතුළත රට විශාල අනතුරකට ඇද වැටීම අනිවාර්ය බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පැවසීය. .
මේ වන විට රට තුළ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ මෙන්ම ඖෂධ හිඟයක් ද මතුව ඇති බවත් කී හෙතෙම එවන් තත්ත්වයක් තුළ මෙවැනි ආණ්ඩු කුමකටදැයි ප්‍රශ්න මතු කළේය.
වත්මන් ආණ්ඩුවට රට තුළ පවතින කිසිදු ප්‍රශ්නයකට උත්තර සෙවිය නොහැකි බවත් ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග තුළින් ගැටලුව තව තවත් තීව්‍ර වන බවත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment