රේගුව විසින් වාර්තා කරන අපනයන වටිනාකමට සාපේක්ෂව බැංකු විසින් වාර්තා කරන ලද රට වෙත ලැබී ඇති අපනයන ඉපැයීම්වල අගය අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 345ක පරතරයක් පෙන්නුම් කරන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව පවසන්නේ මෙම නිරීක්ෂණය අපනයනකරුවන් සිය අපනයන ආදායම් සියයට සියයක් රට වෙත රැුගෙන ආයුතු බවට වන නියාමනයට අනුකූල වන්නේ ද යන බරපතළ ප‍්‍රශ්නය මතු කරන බවය.
රේගුව විසින් වාර්තා කරන එක්සත් ජනපද ඩොලර් මිලියන 985ක මාසික සාමාන්‍ය අපනයනවලට සාපේක්ෂව බැංකු විසින් වාර්තා කරන ලද රට වෙත ලැබී ඇති අපනයන ඉපැයීම්වල මාසික සාමාන්‍ය එක්සත් ජනපද ඩොලර් මිලියන 640ක් පමණ වන බව ද මහ බැංකුව පවසයි.
මෙම පසුබිම තුළ, විශේෂයෙන් වසංගතය ආශ‍්‍රිත පීඩන හේතුවෙන් විදේශ විනිමය ලැබීමේ අනෙකුත් ප‍්‍රධාන මාර්ග මත අයහපත් බලපෑම් ඇතිවීමත් සමග ගැටලූකාරී තත්ත්වය මතුවී ඇති බව මහ බැංකුව සඳහන් කරයි.
විදේශීය අංශයේ ස්ථායීතාව සහ සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සඳහා අපනයන ඉපැයීම් රට වෙත ගෙන්වා ගැනීමේ හා එම මුදල් ශ‍්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේ වැදගත්කම මහ බැංකුව අවධාරණය කරයි.
|