රට හැර යන වෛද්‍යවරුන් නතර කරගන්න GMOA යෝජනාවක්

304

විදෙස් සෞඛ්‍ය සේවාවන්හි නියැළීම සඳහා රට හැර යන වෛද්‍යවරුන්ට චක්‍රලේඛයන්ට, නිසි සැලැසුමකට, නියාමනයකට හා නිසි ක්‍රමවේදයකට අනුව මෙරට සේවය කිරීමට අවස්ථාව ලබාදෙන්නේ නම් මෙරට සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යෑමට බාධාවක් ඇති නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

මෙරට වෛද්‍යවරුන්ට දැඩිව බලපා ඇති ආර්ථිකමය සාධක සහ සමාජමය සාධක නිසා මෙලෙස වෛද්‍යවරුන් විදෙස්ගත වීමට තීරණය කර ඇති බවත්, ඒවාට රජය මැදිහත් වී සාධනීය විසඳුම් ලබාදීම වෙනුවට තර්ජන සහ බියවැද්දීම් කරනු ලබන්නේ නම් මෙම ප්‍රශ්නයට විසඳුම් නොලැබෙනු ඇති බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

වෛද්‍යවරුන් සඳහා ඇති වසර 05 ක සේවා චක්‍රලේඛය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟ පෙන්වීම කළ යුතු බවත් පවතින තත්ත්වය අනුව විශ්‍රාම වයස 60 සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් මෙන්ම තරුණ ආධුනික වෛද්‍යවරුන් ද සිය අභිමතයන් පරිදි වෙනත් රටවල සේවයට යොමුවීම මෙරට ප්‍රධාන රෝහල්වලට බලපෑමක් ඇති කරවන්නක් නොවුණත් ප්‍රාදේශීය රෝහල් පද්ධතිය අකර්මන්‍ය කරවන්නක් විය හැකි බවත් වෛද්‍යවරයා පැවසීය.

සුජීව තත්සර


advertistmentadvertistment