රණවිරු විත්තිවාචකය කුණු බක්කියට

319

1987 ජුනි 4 වැනිදා ඉන්දීය ගුවන් හමුදාව ඇන්ටනෝව් යානා පහකින් උතුරට පරිප්පු දැමුවේය. මේ මෙහෙයුම පුමාලෙයි ලෙස හඳුන්වනු ලැබීය. පරිප්පු ඇතුළු තවත් භාණ්ඩ උතුරට දැමීම සඳහා ඇන්ටනෝව් 32 යානා අඩි 6000ක් පහළට ගෙනඒමේදී ඉන්දියානු නියමුවෝ බියට පත්වී සිටියහ. එහෙත් එවකට මෙරට ගුවන් හමුදාවට ප්‍රහාරක යානා නොතිබූ නිසා ඇන්ටනෝව් යානා ආපසු නිරුපද්‍රිතව ඉන්දියාවට ගියේය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇන්ටනෝව් 32බී යානා එක්වූයේ 1995 වසරේදීය. එදා සිට උතුරේ මෙහෙයුම් සඳහා භටයන් ප්‍රවාහනය කළේ ඇන්ටනෝව් යානාවලිනි.

රණවිරු විත්තිවාචකය කුණු බක්කියට

වන්නි මෙහෙයුමේදී සුවිසල් කාර්යභාරයක් ඉටුකළ ඇන්ටනෝව් යානා 2014 සිට පියාසර කිරීමේ කාලය ඉක්මවීම නිසා සේවයට යෙදවීමට නොහැකි විය. මේ නිසා ඇන්ටනෝව් යානා අලුත්වැඩියා කළ යුතු යැයි ගුවන් හමුදා බලධාරීහු රජයට දන්වනු ලැබූහ. ඒ අනුව ඇන්ටනෝව් යානා නිපදවන සහ අලුත්වැඩියා කරන යුක්රින්මාෂ් සමාගම සහ රුසියාවද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඇන්ටනෝව් ටෙන්ඩරය ලබාගැනීමට තරග වැදුනි. 2018 සැප්තැම්බර් මස ආරක්‍ෂක අමාත්‍යාංශය ඇන්ටනෝව් අලුත්වැඩියාවට ඉදිරිපත් කළ මිල ගණන් වැඩි යැයි දක්වමින් එම ටෙන්ඩරය ප්‍රතික්‍ෂේප කළේය. එසේ වුවත් 2019 ජනපතිවරණය ආසන්නයේදී එකවරම හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇන්ටනෝව් යානා තුන අලුත්වැඩියාව යුක්රින් මාෂ් සමාගමට භාරදුන්නේය. 2020 ඔක්තෝබර් 19 දා දේශපාලන පලිගැනීමේ කමිටුව හමුවේ සාක්‍ෂිදුන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඒ බව පිළිගත්තේය. 2015 සිට යහපාලන රජයට නරක ආයතනයක් වූ යුක්රින් මාෂ් එකවරම හොඳවූයේ කෙසේද යන්න අබිරහසකි. එසේම ඇන්ටනොව් යානා අලුත්වැඩියාවට ඉදිරිපත්වූ යුක්රින් මාෂ් සමාගමේ ප්‍රධාන විධායක මෙරට ආරක්‍ෂක ලේකම්ට හදිසි ලිපියක් එවමින් රුසියාව යනු ආක්‍රමනිකයකු බව දන්වා තිබුණි. එම සමයේ යුක්රේන ආක්‍රමණය සිදුවී නොතිබුණි. එසේම ඇන්ටනෝව් යානා නිෂ්පාදනය සහ සැලසුම්කරු යුක්රේනය බවද එය රජයේ ආයතනයක් බවද විධායක සර්ජි ඩලිප්‍රසරන්නෝ වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය. එම ලිපියේ තවදුරටත් මෙලෙස දක්වා තිබුණි.

“ඇන්ටනෝව් සමාගම කිසිදු අයුරකින් ආක්‍රමණික රටක් සමග සබඳකම් පවත්වන්නේ නැත. යුක්රේනය සහ රුසියාව අතර ඇන්ටනෝව් අලුත්වැඩියාව සඳහා පැවැති ගැටුම කොතරම් බරපතළ වූවාද කීවොත් ඇන්ටනෝව් සමාගම එම යානා අලුත්වැඩියාව සඳහා චෙක් රාජ්‍යයට ලබාදී තිබූ අනුමැතියද විගස අහෝසි කෙරුණි. මේ පසුබිම මැද 1995 නිපදවූ ඇන්ටනෝව් 2015 සැප්තැම්බර් 30 වැනිදා වනවිට අලුත්වැඩියා කළ යුතුව තිබුණත් එම යානා යුක්රේනයට යවනු ලැබුවේ 2019 අගෝස්තු මාසයේදීය. යුක්රේනය සහ රුසියාව අතර වූ මේ ගැටුම රුසියානු බලධාරීන්ටද වාර්තාවී තිබුණි. මෙලෙස කටුනායක සිට යුක්රේනයට යවනු ලැබූ ඇන්ටනෝව් යානා තුනෙන් එකක් ඉන්දියාවේ ගෝවේ අහසේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් පසු ගොඩබස්සවනු ලැබීය. ඉන්දීය ඉංජිනේරුවන්ගේ සහයෙන් කාර්මික දෝෂය අලුත්වැඩියාකිරීමෙන් පසු ගුවන් හමුදා ඇන්ටනෝව් යානා තුනම යුක්රේනයේ කිව් නුවර 420සීඒ කම්හල වෙත යනු ලැබීය. අලුත්වැඩියා කිරීමෙන් පසු එම යානාව මෙරටට සම්ප්‍රාප්ත වූයේ 2020 ජුනි 11 දායි. 2020 ජුනි මස මෙම යානා මෙරටට එවීමට යුක්රින් මාෂ් සමාගම ක්‍රියා නොකළේ නම් මහාවිපතක් වනු ඇත. ඒ රුසියාව දැවැන්ත ඇන්ටනෝව් කම්හල බෝම්බ දමා වැනසීමයි.

ශ්‍රී ලංකාව මෙන්ම බංගලාදේශයද ඔවුන් සතු ඇන්ටනෝව් 32බී යානා තුනක් අලුත්වැඩියාව සඳහා යුක්රේනයට යවා තිබූ අතර එම යානාද අලුත්වැඩියාවට ලක්කිරීමෙන් පසු කඩිනමින් බංගලාදේශයට යවා තිබුණි.

රණවිරු විත්තිවාචකය කුණු බක්කියට

මෙලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඇන්ටනෝව් යානා අලුත්වැඩියාවට යවන සමයේ යුක්රේන රුසියා අර්බුදය මතුවී තිබුණි. එහෙත් 2022 මාර්තු 14 වැනිදා රුසියාව කාලතුවක්කු සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් ඇන්ටනෝව් කම්හල වනසනු ලැබීය.

මේ නිසා මෙරට ගුවන් හමුදාවද බරපතළ ප්‍රශ්නයකට මුහුණ පෑවේය. ඒ ඇන්ටනෝව් යානා ඉදිරියේදී නඩත්තු කිරීම සහ අමතර කොටස් මිලයට ගැනීමයි. මේ වනවිට ඇන්ටනෝව් යානා නඩත්තු කරන යුක්රින් මාෂ් සමාගමේ කටයුතු නතරවී ඇත. ඇන්ටනෝව් කම්හලේ තිබූ ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන යානාව වූ මිරියාද රුසියානු ප්‍රහාරයෙන් විනාශ විය. යම්කිසි ලෙසකින් පසුගිය ජුනි 11 දා එම ඇන්ටනෝව් යානා තුන ලබාගැනීමට නොහැකිවූයේ නම් එම යානාද රුසියානු ප්‍රහාරයෙන් විනාශ වේ. ශ්‍රී ලංකාව රුසියානු එම් අයි 17 ප්‍රවාහන හෙලිකොප්ටර් යානා භාවිත කරන අතර ඒ සඳහා අමතර කොටස් ලබාගැනීම ප්‍රශ්නයක් නොවේ. එසේම මේ යුක්රින් මාෂ් නැමැති යුක්රේන සමාගම ගැන මෙරට දේශපාලනය තුළ එම සමාගමට බරපතළ චෝදනා එල්ල විය. ඒ මිග් යානා මිලයට ගත්තේද එම සමාගම තුළින් නිසායි. මෙවර ඩොලර් මිලියන ගණනක් ගෙවා ඇන්ටනෝව් 32බී යානා තුන යුක්රින් මාෂ් සමාගමෙන් අලුත්වැඩියා කරද්දී කිසිදු දේශපාලකයෙක් හෝ මාධ්‍ය පාර්ශ්වයක් ඊට එරෙහි වූයේ නැත. 2018 දෙසැම්බර් 23 දා සිට රුසියාව සහ යුක්රේනය අතර ඇන්ටනෝව් අලුත්වැඩියාව සඳහා වූ යුද්ධය නවදිල්ලිය තෙක්ද ව්‍යාප්ත වී තිබුණි. නවදිල්ලියේ සිටින ශ්‍රී ලංකාව සඳහා වූ යුක්රේන තානාපති ඉනෝර් සොලික්නා එවකට සිටි ජනපති සහ විදේශ කටයුතු බලධාරීන්ට දන්වා තිබුණේ රුසියාව අලුත්වැඩියා කරන ඇන්ටනෝව් යානාවල වගකීම දරන්නේ නැති බවයි.

එහෙත් මේ ගැටුම ජනතාවගෙන් වසන් විය. මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් රුසියාව විසින් යුක්රේනයෙන් පලිගැනීමේ අරමුණින් ඇන්ටනෝව් කම්හල විනාශකළේද යන්නයි.

අද යුක්රේනයේ ඇන්ටනෝව් කම්හලක් නැත. ඒ වෙනුවට ඇත්තේ සුන්බුන් ගොඩකි. රුසියාව – ලිතුවේනියාව සහ යුක්රේනය ඇන්ටනෝව් අලුත්වැඩියා ගැටුමට මුල්වී පරාජය වූ අතර යුක්රේනය ජයග්‍රාහකයා විය. එහෙත් යුක්රේන යුක්රින් මාෂ් සමාගමට ඩොලර්වලින් මිලියන ගණනක් ගෙවන ලද්දේය. මෙම යානා අලුත්වැඩියාවට ගිය මුදල ඩොලර් මිලියන 7.5කි. ඒ සඳහා අතරමැදියන් දෙදෙනකු සිටි බවට වාර්තා විය. මේ ගනුදෙනු ගැන සාකච්ඡා කිරීමට යුක්රින් මාෂ් නිලධාරීන් දෙදෙනකුද මෙරට පැමිණ සිටියහ. යානා තුන යුක්රේනයේ සිට කටුනායකට ගෙනඒමට පැය 22ක් ගතවිය. ගුවන් තොටුපළවල් අටකදී යානා නතර කෙරුණි. 28කගෙන් යුත් කාර්ය මණ්ඩලයක් එම යානා මෙරටට ගෙනඒමට ක්‍රියාකෙරිණි. මේ අතර රජය හා ජනාධිපතිද රට වෙනුවෙන් සටන්වැදුනු රණවිරුවන් බේරාගැනීමට කෙටුම්පත් කළ රණවිරුවන්ගේ විත්තිවාචකය කුණු බක්කියට දැමූ බව සනාථ වේ. මේ වාර්තාව කෙටුම්පත් කර ඊට අනුමැතිය ලබාගැනීම සඳහා බ්‍රිතාන්‍යයේ රාජනීතිඥවරයකුට යුරෝ 5000ක් ගෙවීමට ශ්‍රී ලාංකිකයකුට සිදුවිය.

රණවිරු විත්තිවාචකය කුණු බක්කියට

නීතිවේදී දර්ශන වීරසේකර ඇතුළු කණ්ඩායමක් සකස් කළ එම වාර්තාව කියවා අධ්‍යයනය කිරීමට රජය කටයුතු කළේ නැත. එසේම අපේ හමුදා ප්‍රධානීන්ට එරෙහි යුධ අපරාධ චෝදනාවලට අභියෝග කරන ලෙස මැදගොඩ අභයතිස්ස හිමි, රාජා ගුණරත්න, කල්‍යානන්ද තිරාණගම සහ වසන්ත බණ්ඩාර යන දේශප්‍රේමීන් කළ ඉල්ලීමටද ජනාධිපතිවරයා සවන්දී නැත. එවන් පසුබිමක් මැද ලබන සැප්තැම්බර් මස බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් පහක් ශ්‍රී ලංකාවට එරෙහිව තවත් බරපතළ යෝජනාවක් ගෙනඒමට සැලසුම් කර තිබේ. එල්ලවූ යුද අපරාධ චෝදනා වලට අභියෝග කිරීමට ඉඩදී නැත්තේ එක් දේශපාලකයෙක් බව දැන් අනාවරණය වී ඇත. එහි ප්‍රතිඵලය වූයේ මෙරට හමුදා නිලධාරීන් සාක්කිවලට අභියෝග නොකර වරදකරුවන් වීමයි. මේ අතර වසර 34කට පෙර ඉන්දීය සාම හමුදාවට එරෙහිව උපවාසයක් කර මියගිය පූපති නැමැති කාන්තාව සැමරීම සඳහා පොලිසිය ඉඩනොදීම ගැන සෙල්වරාජා කජේන්ද්‍රන් නැමැති දේශපාලකයා විරෝධය පා ඇත.

මේ කජේන්ද්‍රන් කවුද? ඒ හමුදා භටයන් 10000ක් පෙට්ටිවලින් කොළඹට එවන බවට පාර්ලිමේන්තුවේදී තර්ජනය කළ තැනැත්තායි. මෙවන් පසුබිමක් මැද උතුරේ සිවිල් සංවිධාන සංසදය රජයට චෝදනා කරමින් ද්‍රවිඩයන් සමූල ඝාතනය කළ බව කියා සිටියි. එහෙත් මේ සංසදය මායිම් ගම්වලදී සිංහල ජනතාව අමානුෂික ලෙස ඝාතනය වූ බව පවසන්නේ නැත. 1997 මැයි 12 කොටි මොරවැව ගම්මානයට ප්‍රහාර එල්ලකර ගම්වැසියන් පස්දෙනකු ඝාතනය කරනු ලැබීය. එසේම 1985 මැයි 14 දා කොටි ත්‍රස්තයන් ශ්‍රී මහාබෝධියටද කඩාවැදී සිවිල් වැසියන් 146ක් ඝාතනය කර තවත් 85කට තුවාල සිදුකළහ. මේ හැර 2007 මැයි 14 දා මොරවැවදී හඳුන්ගමුවේ නන්දරත්න හිමි කොටින් විසින් මරාදමනු ලැබීය. ඊට අමතරව 1992 දී මැයි 16 දා අම්පාර කොස්ගොල්ල ගමට කඩාවැදී ගම්වැසියන් පස්දෙනෙක් කඩුවලින් කපාකොටා මරාදමනු ලැබීය. 1998 මැයි 17 දා යාපනයේ නගරාධිපතනි සරෝජිනි යෝගේෂ්වරන්ද ඝාතනය විය. 2007 මැයි 17 දා මඩකලපුවේ පැවැති වෙසක් උත්සවයකදී බෝම්බයක් පිපිරීමෙන් 29ක් මරුමුවට පත්වුණි. ඒ අතර ළමුන් 6ක් ද විය. එහෙත් ශ්‍රීධරන් – ගජේන්ද්‍රකුමාර පොන්නම්බලම් ඇතුළු ද්‍රවිඩ දේශපාලකයන් මෙම බිහිසුණු ඝාතන වසන් කිරීමට ක්‍රියාකර ඇත. මෙවන් පසුබිමක් මැද රුසියාවෙන් ලාබෙට බොරතෙල්
ලබාගැනීමට හැකිව තිබියදී කොළඹ බටහිර තානාපතිවරු කණඩායම යුක්රේන ආක්‍රමණය හෙළාදකින ලෙස රජයට බලකිරීම නිසා බරපතළ ප්‍රශ්නයක් මතුවිය. එහෙත් ඉන්දියාව රුසියාවෙන් බොරතෙල් බැරල් මිලියන ගණනක් ලාබෙට ලබාගෙන ඉදිරි මාස 6ටද ගිවිසුම් අත්සන් කරනු ලැබීය. රුසියානු තෙල් සමාගම් 5ක් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට කැමති බව දක්වමින් ඇල්ලේ ගුණවංශ හිමියන්ටද ලිඛිතව දන්වා තිබුණි.

මේ අතර තමිල්නාඩුවේ භාරතීය ජනතා පක්‍ෂ නායක කේ. අන්නමලෙයි නැමැත්තා පසුගිය අඟහරුවාදා යාපනයේ සංචාරයක නිරත විය. ඔහු එහිදී ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් – මාවයි සේනාධිරාජා සී. සිවඥානම් සහ ශ්‍රීධරන් සහ සිද්ධාර්ථන් හමු වී රහස් සාකච්ඡාවක නිරත වී ඇත. ශ්‍රී ලංකාව තුළ දේශපාලන අර්බුදයක් මතු වී තිබියදී තමිල්නාඩු බී. ජේ. පී. නායකයා උතුරට පැමිණියේ යම් රහස් මෙහෙයුමකට ද යන සැකය මතු වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment