රත්නපුර – පානදුර බස් රථයක අසුනක් මත කාන්තාවක් මියගිහින්

335

රත්නපුර – පානදුර බස් රථයක අසුනක මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් පෙරේදා (10 දා) පස්වරුවේ හමුවූ බව පානදුර දකුණ පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර, අලූබෝමුල්ල, ජනප‍්‍රිය මාවත, ඇවරිය වත්ත ප‍්‍රදේශයේ පදිංචිව සිටි නවගමුවගේ මංගලිකා පෙරේරා නමැති 74 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කීය.

බස් රථය එළුවිල හන්දිය ආසන්නයේදී මෙම කත මගීන් දැක රියදුරු සහ කොන්දොස්තර දැනුවත් කිරීමෙන් පසු පොලිසිය දැනුවත් කර තිබේ.

මෘත දේහය පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පීසීආර් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බව රෝහල් ප‍්‍රකාශකයකු කීය. පානදුර කොට්ඨාස පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, පොලිස් අධිකාරී 1 උදය අමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතාගේ ප‍්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම, පානදුර – දීපිකා කාරියවසම්
 


advertistmentadvertistment