රත්මලානේ දුම්රිය මැදිරියක් ගිනි ගනියි

80

රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ දුම්රිය මැදිරියක ඊයේ (25දා) හදිසියේ ඇතිවූ ගින්නකින් එම දුම්රිය මැදිරිය විනාශ වී තිබේ.

එම කර්මාන්ත ශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ වායු සමීකරණය කළ රුමේනියම් දුම්රිය මැදිරියක් එලෙස ගිනිගෙන විනාශ වී තිබේ.

මෙම මැදිරිය වෑල්ඩින් කරමින් තිබියදී සුළං සමග ගිනිගත් බවත්, ඉන් සම්පූර්ණ මැදිරිය ගිනිගෙන විනාශ වූ බවත් එහි ප්‍රකාශකයකු කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ
ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment