රත්මලාන ගුවන් තොටුපළ, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ රත්මලාන බවට පත් කරමින් මාලදිවයිනේ සිට මගීන් පිරිසක් රැුගෙන ඊයේ (27 දා) ප‍්‍රථම ගුවන් යානය රත්මලානට පැමිණියේය.
වසර 54 කට පසු ජාත්‍යන්තර ගුවන් ගමන් අරඹමින් රත්මලාන ගුවන්තොට දක්වා මාලදිවයින් ජාතික ගුවන් සේවයේ Q2 944″ Dasය 800 ගුවන් යානය පෙරවරු 8.45 ට ගුවන් තොටුපළ වෙත ගොඩබස්වනු ලැබීය. අනතුරුව ගුවන් තොටුපළ බලධාරීහු එම ගුවන්යානය ජල ප‍්‍රහාර ආචාර මැද පිළිගත්හ.
ගුවන් යානයේ පැමිණි අමුත්තන් යෞවන හා ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ, අපනයන කලාප සංවර්ධන ඇමැති ඞී. වී. චානක, කලාපීය සහයෝගිතා රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබූහ. මේ ආකාරයෙන් මාලදිවයිනේ සිට සතියකට දින තුනක් (ඉරිදා, අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා) ගුවන් යානා රත්මලානට පැමිණීමට නියමිත අතර ගතවන ගුවන් කාලය පැය එකහමාරකි.
1935 දී පිහිටුවන ලද කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ, රත්මලාන ශ‍්‍රී ලංකාවේ පළමු ගුවන්තොටුපළ වේ. මෙහි කළමනාකාරිත්වය හා මෙහෙයවීම සීමාසහිත ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් සිදුකරනු ලබයි.
චමින්ද සිල්වා, එස්. පී. ආරියරත්න – රත්මලාන