රත්මලාන පරමධම්මචේතිය මහා පිරිවෙන සහ චීනය අතර ගිවිසුමක්

33

මෙරට ප්‍රමුඛ විහාරයක් වන වසර 180ක් පැරණි රත්මලාන පරමධම්මචේතිය මහා පිරිවෙන සහ චීනයේ Tibetology Research Institute අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගියදා සිදු කෙරිණී. රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙන් විහාරාධිපති ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි මෙම කටයුත්ත සංවිධානය වී තිබිණි.

පිරිවෙන් කටයුතු රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. ටිබෙටෝලෝජි පර්යේෂණ ආයතනයේ විශේෂ නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර ආයතන දෙක අතර ඇති අවබෝධතා ගිවිසුමට අනුව සේද මාවතේ පැතිරී ඇති බෞද්ධ කලා අධ්‍යයනය, පර්යේෂණ වැඩසටහන්, ජාත්‍යන්තර විද්වත් සම්මන්ත්‍රණ පැවැත්වීම සහ පර්යේෂණ පත්‍රිකා (චීන සහ සිංහල භාෂාවලින්) ප්‍රකාශයට පත් කිරීම සිදු කිරීමට නියමිතය. ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමිපාණෝ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන ලේකම්, සාමය සඳහා වන ආසියානු බෞද්ධ සංගමයේ ලංකා ශාඛාවේ සභාපති ආදී තනතුරු ගණනාවක් හොබවන කීර්තිමත් සංඝ පීතෘවරයෙකි. චීන බෞද්ධ ආයතන පසුගිය කාලය පුරාම මෙරට ශාසනික වැඩසටහන්වලට බෙහෙවින් උපකාර කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment