රතු එළිය දැල්වෙද්දී කැබ් රථය දුම්රිය හරස් මාර්ගයට දමලා – රියැදුරු මරුට – වාහනයටත් බර හානි

622

යාපනයේ කොඩිගාමම් තවසිකුලම් ප‍්‍රදේශයේ දුම්රිය මාර්ගයක අනතුරු සංඥා නිකුත්කොට තිබියදී දුම්රිය මාර්ගය හරහා කැබ් රථයක් ඇතුළු කළ පුද්ගලයකු යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ගැටී පෙරේදා මියගොස් තිබේ.

රතු එළිය දැල්වෙද්දී කැබ් රථය  දුම්රිය හරස් මාර්ගයට දමලා - රියැදුරු මරුට - වාහනයටත් බර හානි

අනතුරෙන් මියගොස් ඇත්තේ කොඩිකාමම්, තවසිකුලම් ප‍්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සූසයිනාදන් ප‍්‍රදීපන් නමැති අයෙකු වන අතර ඔහු චාවකච්චේරී රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

අනතුරෙන් කැබ් රථයටද බරපතළ හානි සිදුව ඇති අතර චාවාකච්චේරි පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment