අප්‍රිකානු රාජ්‍යයක් වන ජිබුටි රාජ්‍යයට අයත් වෙරළ තීරයේ ගමන් ගත් සංක්‍රමණික බෝට්ටු දෙකක් ඊයේ (02දා) මුහුදේ ගිලි යෑම හේතුවෙන් 45 දෙනකු මියගොස් ඇති අතර එම බෝට්ටුවල සිටි තවත් පුද්ගලයන් ගණනාවක් අතුරුදන් වී ඇති බව වාර්තා වේ. යේමනයේ සිට පිටත්ව ගොස් ඇති ගිලි ගොස් ඇති බෝට්ටු දෙකෙහි සංක්‍රමණිකයන් 310 දෙනෙකු සිට ඇති අතර එම බෝට්ටු දෙකම රතු මුහුදේ ගිලි ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ සංවිධානයට අනුව අදාළ බෝට්ටුවල සිටි පුද්ගලයන් 61 දෙනකු අනතුරෙන් අතුරුදන්ව ඇති අතර එම පිරිස සොයා දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ