රතු වෙඩිල්ලක්… සියවසක සටහන්

202
රතු වෙඩිල්ලක්... සියවසක සටහන්

34 වැනි ලිපිය

පං ත-හුවයි සෙනෙවියා ගැනත් 1928 ජුලි 22 වැනි දා ඔහුගේ නායකත්වයෙන් මෙහෙයවපු පිං-චියං නැ`ගිටීම ගැනත් විස්තර මෙයට පෙර ලිපියෙන් කිව්වා. ඡුං-ෂා නගරයේ ඉඳලා කිලෝ මීටර් 120 ක් විතර ඈතින් තියෙන පිං-චියං කෝරළයේ බලය මේ විදිහට අල්ලගත්තත් සතියකට වැඩි කාලයක් ඒ ප‍්‍රදේශය පාලනය කරන්න කැරැුළිකාරයන්ට බැරිවුණා. ජූලි 28 වැනිදා වෙද්දි කු ඕ-මින්-තං හමුදාවල ප‍්‍රතිප‍්‍රහාරය ආරම්භ කෙරුණා. ඒ තරම් විශාල බලයක් එක්ක හැප්පෙන්න පුළුවන්කමක් මේ කැරැුළිකාර හමුදාවට තිබුණේ නෑ. ඉතින් ඒ හතුරු ප‍්‍රහාරවලින් බේරිච්ච පං ත-හුවයිගේ හමුදාව පසුබහින්න පටන්ගත්තා.

rathu2
 
 පං ත-හුවයි නායකත්වය දීපු මේ සන්නද්ධ බලය නම් කරලා තිබුණේ රතු හමුදාවේ පස්වැනි සේනාව විදිහට. මා ඕ ත්ස-තුං සහ චූ ත එකතුවෙලා හැදුවේ රතු හමුදාවේ හතරවැනි සේනාව. ඒ සේනාව එහෙම නම් කළේ ඊට කලින් 1 වැනි, 2 වැනි සහ 3 වැනි සේනා තිබුණු හින්දා නෙවෙයි. ඒකට බලපාපු කාරණය කලින් කියලා තියෙනවා. (මේ ලිපි මාලාවේ 30 වැනි කොටස බලන්න). පිං-චියං කෝරළය තියෙන්නේ හූ-නන් පළාතේ ඊසානදිග පැත්තේ හින්දා ඒ පැත්තෙන් හූ-පෙයි සහ චියං-ශි පළාත් මායිම්වලට ළඟයි. ඒ හින්දා මේ කැරැුළිකාර හමුදාව මුලින්ම පසුබැස්සේ හූ-නන් පළාතේ ඊසානදිග මායිමට.
 
 මේ පසුබැසීමත් එක්කම සේනාවේ භට පිරිස අඩුවෙන්න පටන්ගත්තා. ඉතින් කලින් රෙජිමේන්තු තුනකින් සමන්විත වෙච්ච ඒ සන්නද්ධ බලය සේනාංක පහක් යටතේ සංවිධානය කරගන්න පං ත-හුවයිට සිද්දවුණා. ඒ අගෝස්තු මාසයේ දී කැරැුළිකාර හමුදාවේ බලය තව තවත් අඩුවෙන්න පටන්ගත්තා. ඉතින් ඔක්තෝබර් වෙද්දි ඒ බලය වෙනස් විදිහකට සංවිධානය කරන්න පං ත-හුවයි ඇතුළු නායකයෝ තීරණය කළා. ඒ විදිහට හදපු සේනාංක අතර ප‍්‍රාදේශීය ගරිල්ලා කණ්ඩායමකුත් හිටියා. මේ වෙද්දි ඒ සේනාව හූ-නන් සහ චියං-ශි පළාත් මායිම දිගේ දකුණට ගමන් කරමිනුයි හිටියේ.
 
 චූ – මා ඕ රතු හමුදාව රැඳිලා හිටිය චිං-කං කන්ද ප‍්‍රදේශය තිබුණෙත් හූ-නන් සහ චියං-ශි පළාත් මායිමේ දකුණට වෙන්න. ඉතින් පං ත-හුවයි නායකත්වය දීපු රතු හමුදාවේ පස්වැනි සේනාවත් ඒ පැත්තට ළඟාවෙමින් හිටියා. මේ කාරණය මා ඕ ත්ස-තුං ඇතුළු චිං-කං කන්දේ හමුදා මූල කඳවුරේ අයත් දැනගත්තා. පස්වැනි සේනාවේ ගමනට උදව්කරන්න ඕන සන්නද්ධ කණ්ඩායම් පෙරමගට යවන්නත් ඒ අය කටයුතු කළා.
 
 හතුරු ප‍්‍රහාර මැද්දේ දකුණට ආපු රතු හමුදාවේ පස්වැනි සේනාවත් එක්ක සම්බන්ධ වෙන්න ඒ පෙර ගමන් කණ්ඩායමට පුළුවන් වුණා. ඉතින් 1928 අවුරුද්දේ දෙසැම්බර් මාසය වෙද්දි තවත් ඓතිහාසික හමුදා එකතුවක් චිං-කං කන්දෙන් වාර්තා වුණා. ඒ තමයි චූ – මා ඕ රතු හමුදාවත් එක්ක (රතු හමුදාවේ හතරවැනි සේනාවත් එක්ක) පං ත-හුවයිගේ පස්වැනි සේනාව එකතුවීම.
 
 මේ වෙද්දි මහා සීතලෙන් චිං-කං කන්ද වැහිලා තිබුණත් මේ හමුදා එකතුව විසින් ඇති කළේ මහා උණුසුමක්. ඒත් එක්කම චූ – මා ඕ රතු හමුදාවේ ශක්තිය තවත් වැඩිවුණා. ඒක පිරිස් බලය වැඩිවීමක් විතරක් නෙවෙයි. පං ත-හුවයි කියන්නේ ඉතාමත් සටන්කාමී නායකයෙක්. ඒ වගේම, ඔහු තමන්ගේ සෙබළුන්ට ඉතාමත් හොඳින් සලකපු කෙනෙක්. තමන්ට ලැබුණු කෑම බීම පවා ඔහු තමන්ගේ සගයෝ එක්ක බෙදාහදා ගත්තා. වැරැුදි දැක්කාම නිතර බනින, කෑගහන මේ නායකයාට ඔහුගේ සටන් සගයෝ ආදරය කළා. ඉතින් මේ හිත හොඳ සෙනෙවියා මුල් කරගෙන චූ – මා ඕ රතු හමුදාවට එකතුවුණේ මහා ජවයක් තියෙන, එකිනෙකා එක්ක හොඳින් බැඳුණු සේනාවක්.
 
 1928 අවුරුද්දේ ශීත කාලයේ සිද්දවෙච්ච මේ එකතුවෙන් චූ – මා ඕ රතු හමුදාවේ බලය තවත් වැඩි වුණත් ඒ අය අලූත් අර්බුදයකට මූණදුන්නා. මේ තරම් විශාල පිරිසක් පෝෂණය කරන්න පුළුවන්කමක් චිං-කං කන්ද ප‍්‍රදේශයට සහ ආශ‍්‍රිත ප‍්‍රදේශවලට තිබුණේ නෑ. ශීත කාලය විසින් මේ අර්බුදය තව තවත් තීව‍්‍ර කළා. ඒ මදිවට හූ-නන් පළාතේ හමුදා ලොක්කා (හ චියැන් සෙනෙවියා) චිං-කං කන්ද ප‍්‍රදේශය ඉලක්ක කරගෙන මහා හමුදා මෙහෙයමකුත් දියත් කරලයි තිබුණේ. ඉතින් තවදුරටත් මුළු හමුදාව ම චිං-කං කන්දේ රැුඳිලා ඉඳීම ප‍්‍රායෝගික වැඩක් වුණේ නෑ.
 
 මේ අර්බුදයෙන් මිදෙන්න නම් චිං-කං කන්දෙන් පිරිසක් ඉවත්වෙන්න ඕන. එහෙම ඉවත්වෙන කණ්ඩායම විසින් අලූත් හමුදා මූල කඳවුරු භූමියක් හොයාගන්න ඕන. ඒ වෙනුවෙන් හඳුනාගත්ත ප‍්‍රදේශයක් තිබුණා. ඒ තමයි චියං-ශි පළාතේ දකුණට සහ ෆූ-චියැන් පළාතේ බටහිරට වෙන්න තිබුණු කඳුකර ප‍්‍රදේශය. හතුරු ප‍්‍රහාර මැද්දේ ඉදිරියට ගිහිල්ලා මේ විදිහට අලූත් කඳවුරක් හදන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ හින්දා ඒ වගකීම මා ඕ ත්ස-තුං සහ චූ ත විසින් භාරගත්තා. චිං-කං කන්ද ප‍්‍රදේශය රැුකගැනීමේ වගකීම පං ත-හුවයිට පැවරුණා. 1929 ජනවාරි මාසයේ දී, චූ – මා ඕ රතු හමුදාව (ඒ කියන්නේ රතු හමුදාවේ හතරවැනි සේනාව) චිං-කං කන්දෙන් ඉවත් වුණා.
 
 චූ – මා ඕ රතු හමුදාවට සම්බන්ධ වෙච්ච ඉතාමත් සටන්කාමී තරුණයෙක් හිටියා. ඒ තමයි ලින් පියා ඕ. 1907 දෙසැම්බර් මාසයේ චීනයේ හූ-පෙයි පළාතේ ගමක ඉපැදුණු ඔහු කුඩා කාලයේ දී හොඳ අධ්‍යාපනයක් ලබාගෙන තිබුණා. වයස අවුරුදු 9 ඉඳලා 13 වෙන කල් ප‍්‍රදේශයේ පාසලකින් අධ්‍යාපනය ලබපු ඔහු වයස අවුරුදු 15 ක් වෙද්දි මහා විද්‍යාලයකට ගියා. ඔහු ඒ පාසලෙනුත් හොඳ අධ්‍යාපනයක් ලබාගත්තා. ඒ කාලයේ ලබාදුන් අධ්‍යාපනයේ අන්තර්ගතය ඉතාමත් පිරිණු, බරසාර එකක් හින්දා අවුරුදු කීපයක පාසල් ගමනකින් වුණත් ලබාගන්න පුළුවන් දැනුම මහ විශාල එකක්.
 
 මේ විදිහට දැනුමින් සන්නද්ධ වෙමින් හිටිය ලින් පියා ඕ 1923 දී (වයස අවුරුදු 16 දී) සමාජවාදී තරුණ සංගමයට සම්බන්ධ වුණා. මේ තරුණ සංගමයේ ප‍්‍රාදේශීය ශාඛාවේ ලේකම් තනතුරත් ඔහුට ලැබුණා. තමන් සමඟ වැඩ කරපු අනෙකුත් තරුණයෝ එක්ක එකතුවෙලා පොත් සංගමයක් හදන්නත් ලින් පියා ඕ මුල්වුණා. ප‍්‍රගතිශීලී අදහස් තියෙන පොත් පත් ප‍්‍රචලිත කිරීම තමයි ඒ අයගේ අරමුණ වුණේ.
 
 1925 දී ෂං-හයි නුවර දී පවත්වපු චීන ශිෂ්‍ය සම්මේලනයටත් ලින් පියා ඕ සහභාගි වුණා. ඒ අවුරුද්දේ සැප්තැම්බර් මාසය වෙද්දි පාසල් අධ්‍යාපනය අවසන් කරලා ආපහු ගමට ආපු ඔහුට ප‍්‍රදේශයේ පාසලක ගුරුවරයෙක් වෙන්න අවස්ථාවක් තිබුණා. ඒ ගුරු රස්සාව කරමින් ලින් පියා ඕ පවුල ගැන බලයි කියලා තමයි ඔහුගේ දෙමව්පියෝ හිතුවේ. ඒත් අධ්‍යාපන පාර දිගේ තවත් ඉස්සරහට යන්න ඕනකමක් ලින් පියා ඕට තිබුණේ නෑ. තමන් කැමැති හමුදාව බැඳෙන්නයි කියලා ඔහු දෙමව්පියන්ට කිව්වා. ඒ අදහස වෙනුවෙන් දෙමව්පියන්ව කැමැති කරවාගන්නත් ඔහුට පුළුවන් වුණා. ප‍්‍රදේශයේ පක්‍ෂ සංවිධානයත් ඔහුගේ අදහසට අනුමැතිය ලබාදුන්නා.
 
 ඒ 1925 අවුරුද්දේම ශීත කාලයේ දවසක ඉතා කෙට්ටු තරුණයෙක් කුවං-චෝ නගරයේ පන්සලක් ඉස්සරහට ආවා. නිල් පාට ගමන් මල්ලක් පිටේ එල්ලගෙන හිටිය ඔහුගේ මුහුණේ තිබුණේ ඉතාමත් වෙහෙසකර පෙනුමක්. ටිකක් වෙලා පන්සල දිහා බලාගෙන හිටිය ඒ තරුණයා එක සැරේම පන්සලට ඇතුළුවෙලා ඒ දොර ළඟ හිටිය කෙනෙක්ට ලියුමක් දුන්නා. ”ලින් පියා ඕ. වයස අවුරුද 18 යි’’ කියලා පටන් ගත්ත ඒ ලියුමෙන් ඔහු මුණගැහෙන්න ඕන අය ගැනයි කියලා තිබුණේ.
 
 හූ-පෙයි පළාතේ ඉඳලා හැතැප්ම දාහකට වැඩි දුරක් තනියෙන් දකුණට ආපු ලින් පියා ඕ හොඳටම තෙහෙට්ටුවට පත්වෙලයි හිටියේ. ලියුමේ සඳහන් කරලා තිබුණු අයව මුණගැහෙන්න ඔහුට පුළුවන් වුණේ අදාළ මූලික විස්තර පැහැදිළි කර ගැනීමෙන් පස්සෙයි. මේ ගනුදෙනු ඉතා රහසිගතවත් පරීක්‍ෂාකාරීවත් කරන්න හේතුවෙච්ච කාරණයක් තිබුණා. 1925 මාර්තු මාසයේ දී සුන් යත්-සෙන් මියගියාට පස්සේ ”ජාතික – පොදු හවුල’’ ක‍්‍රියාත්මක වුණේ ඒ තරම් හොඳ මට්ටමකින් නෙවෙයි. ඉතින් 1924 මැද දී ආරම්භ කරපු හුවං-පු හමුදා පාසලට බැඳෙන එකත් පහසු කටයුත්තක් වුණේ නෑ. ඒ හමුදා පාසලේ ප‍්‍රධානියා විදිහට වැඩ කළේ චියං කායි-ෂෙක්.
 
 ”ජාතික – පොදු හවුල’’ ඉස්සරහට ගෙනියන්න ඕනකමක් චියං කායි-ෂෙක්ට තිබුණේ නෑ. සෝවියට් දේශයෙන් යුද ආධාර සහ අනෙකුත් උදව් ලබාගැනීමට තියෙන මාර්ගයක් විදිහට විතරයි ඔහු ඒ හවුල දැක්කේ. ඒත් ඒ හවුල හරහා පොදු නිෂ්පාදන පක්‍ෂය ශක්තිමත් වෙන බවටත් ඒ අයගේ පිරිස් හුවං-පු හමුදා පාසලට ඇතුළුවෙමින් ඉන්න බවටත් සැකයක් ඔහු තුළ තිබුණා. හුවං-පු හමුදා පාසලට ලින් පියා ඕ ඇතුළත් කරවීම ඉතාමත් පරිස්සමින් කළ යුතු වුනෙත් මේ හින්දයි.
 
 කොහොම හරි අදාළ පිරිස්වල උදව් ලබාගෙන හුවං-පු හමුදා පාසලේ හතරවැනි පුහුණු කණ්ඩායමට ඇතුළු වෙන්න ලින් පියා ඕට පුළුවන් වුණා. ඉතා හොඳ අධ්‍යාපන පසුබිමක් තිබුණු හින්දා පංති කාමර ඇතුළේ කෙරුණු ඇගැයීම්වලින් ඉහළම ලකුණු ලබාගන්න ඔහුට පුළුවන් වුණා. ඒත් ඉතා කෙට්ටු, දුර්වල ශරීරයක් තිබුණු ඔහු බාහිර ක‍්‍රියාකාරකම්වල දී නම් පසුබැස්සා.
 
 හමුදා පාසල පිහිටලා තිබුණු ¥පත වටේ හැමදාම උදේට කිලෝ මීටර් පහළොවක් දුවන එක හැම ශිෂ්‍යයෙක්ටම පැවැරිච්ච කටයුත්තක්. ඒත් මේ වැඬේ හොඳින් කරන්න පුළුවන්කමක් ලින් පියා ඕට තිබුණේ නෑ. එක දවසක් උදේ දුවන අතර ඔහු ඇද වැටුණා. පාසලේ අධ්‍යාපන අධ්‍යක්‍ෂ විදිහට වැඩ කරපු තං යැන්-තා මේ සිද්දිය දැක්කා. තවදුරටත් මේ අභ්‍යාසය කරන්න බැරි බව ලින් පියා ඕ ඒ අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමාට කිව්වා. ”දුවන්න ඕන නෑ. ඇවිදපන්’’ කියලා එතුමා ලින් පියා ඕට උපදෙස් දුන්නා.
 
 ශාරීරික ක‍්‍රියාකාරකම්වල දී පස්සෙන් හිටියත් යුද උපක‍්‍රම සම්බන්ධයෙන් ලින් පියා ඕ එක්ක හැප්පෙන්න පුළුවන් කෙනෙක් ඔහුගේ කණ්ඩායමේ හිටියේ නෑ. ඉතින් ඔහුගේ සගයෝ ඔහුට කිව්වේ ”හමුදා පාසලේ උකුස්සා’’ කියලා.
 
 1926 ඔක්තෝබර් 4 වැනි දා ලින් පියා ඕ මේ මාස දහයක හමුදා පුහුණුව අවසන් කළා. ඒ වෙද්දි ”උතුරු ප‍්‍රයාණය’’ මෙහෙයුම ආරම්භ කරලා තිබුණු හින්දා (මෙම ලිපි මාලාවේ 19 වැන්න බලන්න) කෙළින්ම සටනට සම්බන්ධවීමේ අවස්ථාවත් ඔහුට ලැබුණා. ජාතික විප්ලවකාරී හමුදාවේ හතරවැනි සේනාවට අයත් නිදහස් රෙජිමේන්තුවට ඔහුව අනියුක්ත කෙරුණා. ඒ රෙජිමේන්තුව ”යකඩ හමුදාව’’ කියලා හැඳින්වුණේ ඉතා දැඩි හමුදා පුහුණුවක් තිබුණු පිරිසක් ඒකට සම්බන්ධ වෙලා තිබුණු හින්දා. ඒ රෙජිමේන්තුවට අණදුන්නේ යේ තිං කියන සෙනෙවියා. ඔහුත් පොදු නිෂ්පාදන පක්‍ෂයේ සාමාජිකයෙක්.
 
 ”ජාතික – පොදු හවුල’’ බිඳ වැටුණාට පස්සේ ක‍්‍රියාත්මක කරපු මුල්ම හමුදා නැ`ගිටීමට (නන්-ඡුං නැ`ගිටීමට) යේ තිං සෙනෙවියාගේ යකඩ හමුදාවත් සම්බන්ධ වුණා. (මේ ලිපි මාලාවේ 23 සහ 24 කොටස්වලින් නන්-ඡුං නැ`ගිටීම ගැන කියලා තියෙනවා). ඉතින් ඒ හමුදා කැරැුල්ලට හවුල්වීමේ අවස්ථාව තරුණ ලින් පියා ඕ සෙනෙවියාටත් ලැබුණා. ඒ වෙද්දි ඔහුගේ වයස අවුරුදු විස්සක්වත් වෙලා තිබුණේ නෑ.
 
 නන්-ඡුං නැ`ගිටීම අසාර්ථක වුණා. ඊට පස්සේ කිලෝ මීටර් 800 ක් දුර ගෙවලා දකුණට ගමන් කරපු ඒ හමුදාව ඔක්තෝබර් මාසය වෙද්දි හතුරු ප‍්‍රහාරවලට ගොදුරුවෙලා විනාශ වුණා. සන්-හ-පා (තුන්ගං ඉවුර) ප‍්‍රදේශයේ ලින් පියා ඕ රැුඳිලා හිටියේ චූ ත සෙනෙවියාගේ සේනාවත් එක්ක. සතුරු ප‍්‍රහාර හමුවේ ආපහු රට ඇතුළට ඒ අය තීන්දු කළාම සටනින් අයින්වෙලා යන්න ලින් පියා ඕ තීරණය කළා. ”වීරයෝ පැනලා යන්නේ නෑ’’ කියලා ඡුන් යී කිව්වේ ඒ වෙලාවේ. (මේ ලිපි මාලාවේ 29 වැනි කොටසින් ඡුන් යී ගැන කියලා තියෙනවා). ඡුන් යීගේ මේ කතාව අපහු ලින් පියා ඕ සටනින් අයින් වෙන අදහස අත්හැරියා. ඔහු දිගටම, චූ තගේ නායකත්වය යටතේ සටන් කළා.
 
 ලින් පියා ඕ කියන්නේ යුද උපක‍්‍රමවල දක්‍ෂයෙක්. ඔහු වෙඩිල්ලක් වගේ වේගවත්. හැබැයි ලින් පියා ඕ හැම වෙලාවේම තමන්ගේ සෙබළුන්ගෙන් තරමක් ඈත්වෙලයි හිටියේ. ඔහුගේ උපක‍්‍රමශීලී මෙහෙයවීම් හින්දා ඒ අයට හානි වුනෙත් බොහොම අඩුවෙන්. ඉතින් ලින් පියා ඕගේ අණදීම යටතේ සටන් කරන්න ඒ අය අකැමැති වුණේ නෑ. රතු හමුදාව තුළත් විමුක්ති සටන තුළත් මහා හපන්කම් ගොඩක් කරන්න ලින් පියා ඕට පුළුවන් වුණා. මහජන ජනරජය පිහිටුවීමෙන් පස්සේ ඔහු කරපු කියපු දේවල්වලට ඔහුගේ විශේෂිත චරිත ස්වභාවය හේතුවුණු ආකාරයත් අපිට දැකගන්න පුළුවන්.

– ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment