රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනූ – රුමේෂ්, දිල්හානි සහ සුමේධ දිවයිනට

30

03 වන ආසියානු විසි කිරීමේ ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනූ - රුමේෂ්, දිල්හානි සහ සුමේධ දිවයිනට

මෙම තරගාවලිය දකුණු කොරියාවේ මොක්පෝ නුවර ඉකුත් 14 දින සිට 15 දින දක්වා ආසියානු රටවල් 20 ක පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පවත්වා තිබුණි.

මෙම තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා සහභාගි වූ 21 හැවිරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන රුමේෂ් තරංග මීටර් 85.45 ක් විසි කරමින් ශ්‍රී ලංකා වාර්තාවක් මෙන්ම මෙම තරගාවලියේ වාර්තාවක් තබන්නට ද සමත් වී තිබුණි.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment