ජපානයේ පැවති පැරා ඔලිම්පික් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලොව පළමුවන ස්ථානය විජග‍්‍රහනය කළ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ නිලලත් නිලධාරි කැකිරාව, කාගම, පහේ ඇළ පදිංචි එච්. එම්. දිනේෂ් ප‍්‍රියන්ත හේරත් ශූරයා හෙලිකොප්ටරයකින් කාගම ධාතුසේන මහ විද්‍යාලයේ ක‍්‍රීඩාපිටියට පැමිණි අවස්ථාවේ ප‍්‍රදේශයේ විහාරස්ථානවල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඇතුළු පිරිසක් විසින් පිළිගැනීමේ උත්සවය පවත්වනු ලැබීය.

එම අවස්ථාවට ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන, උතුරු මැද හිටපු ප‍්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන්, ඉපලෝගම සහකාර ප‍්‍රාදේශීය මහ ලේකම් ආර්. ජී. එම්. පී. එස්. ඞී. යසරත්න, ඉපලෝගම පොලිස් ස්ථානාධිපති එච්. එම්. කිත්සිරි හේරත්, කාගම ධාතුසේන මහ විද්‍යාලයේ විදුහල්පති පද්මානන්ද මහතා සහ දිනේෂ් ප‍්‍රියන්තගේ බිරිඳ, මව දරුවන්, ඥාතීන් සහ ප‍්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටි අයුරු.

කැකිරාව සුදත් ඒකනායක