රන් පදක්කම අහිමි වූ දුකින් ක්‍රීඩා දිවියෙන් සමුගත් ෆෝගාට්

5858

පැරිස් ඔලිම්පික් තරගයේ කාන්තා මල්ලවපොර තරග ඉසව්වෙන් රන් පදක්කම අහිමි වූ ඉන්දීය මල්ලවර පොර ශූරි විනේෂ් ෆෝගාට් ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම යන බවට නිල වශයෙන් කියා සිටියාය. ලොවක් බලා සිටියේ පැරිස් නුවරදී පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේදී ඇය රන් පදක්කමක් දිනාගනු ඇති බවටයි.

ඔලිම්පික් තරග නීති අනුව කිලෝග්‍රෑම් 50 බර පන්තිය යටතේ මල්ලව පොර ක්‍රීඩිකාවන් ශරීර යෝග්‍යතා බර මට්ටම රඳවා ගත යුතු නිල මට්ටමෙන් වැඩිපුර සටහන්ව පැවතීම නිසාය.

එය ග්‍රෑම් 100ක් වැඩි වී තිබිණි. අහිමි වූ රන් පදක්කම හිමි වූයේ ඇමරිකාවේ සාරා හිල්ඩෙබ්‍රෑන්ඩ්ටයි.

ඉන්දීය ක්‍රීඩිකා විනේෂ් ෆෝගාට්ට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිද ඞ පණිවිඩයකින් කියා සිටියේ පරාජය තමනටද දැනෙන අතර එයින් නොනැවතී ඉදිරියට යාමට ශක්තිමත් වීම අවශ්‍ය බවයි.

නමුත් විනේෂ් ෆෝගාට් ඞ ගිණුමේ මෙසේ සඳහන් කර තිබුණි. ‘මල්ලවපොර දිනුවා. මම පැරදුණා. මගේ සිහිනය සේම මගේ ධෛර්යද සුන් වී ඇත. එබැවින් මට දැන් තවදුරටත් ශක්තියක් නැත.

2001-2024 මල්ලවපොර ආයුබෝවන් මට සමාවෙන්න මම ඔබට සදා ණයගැතිය’ යන්නයි.

සුසිල් ජයකොඩි

advertistmentadvertistment
advertistmentadvertistment