පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටුව මහ විදුහල අතර 71 වන වරටත් පවත්වන රන්මහ සටන හෙට (28 වැනිදා) සහ අනිද්දා (29 වැනිදා) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙතෙක් පැවති තරග අතුරින් පානදුර ශ්‍රී සුමංගල විදුහල තරග 8 ක් ජයගෙන ඇති අතර, මොරටුව මහ විදුහල තරග 7 ක් ජයගෙන ඇත.
පානදුර ශ්‍රී සුමංගල විදුහල විශ්ව ලහිරු විසින් මෙහෙයවන අතර, මොරටුව මහ විදුහල සුකිත දෙව්තිලින විසින් මෙහෙයවනු ලබයි.
ආර්. ඒ. එස්. ප්‍රේමතිලක බණ්ඩාරගම