රන් මාලය කඩන්න ගිය අමල්ගෙ හිත උණුවෙලා – හත්වලාමයි

447

‘‘ගෙදර උයන්න මෙලෝ දෙයක් නෑ මනුස්සයෝ’’ මධුමාලී බෙරිහන්දෙන්නට ගත්තේ කුස්සියේ සිටය.

 ‘‘තමුසෙගෙ කටේම තියෙන්නෙ නෑ.. නෑ… නෑ.. කියන එකමයි.

 තමුසෙටත් පුළුවන්නෙ ගාමන්ට් එකට යන්න’’ අමල්ද කට ඇරියේ බැරිම තැනය. ‘‘ළමයි දෙන්නට උදේට තේ වතුර ඩිංගක් දුන්නෙත් සීනි බෝතලේ හූරලා. මගෙ කරුමෙට තමයි තමුසෙ වගේ නිකමෙක් කසාද බැඳගන්න වුණේ.

 අඹු සැමි ආරවුල දිග් ගැස්සී ගියේ එලෙසනි. අමල් යතුරුපැදිය පණ ගන්වා ගත්තේ බයිසිකලය බිම පෙරලා ගැනීමෙන් පසුවය. හේතුව ටැංකියේ අයිනේ තිබූ පෙට‍්‍රල් ඩිංග ලබා ගැනීමටය. ‘‘කන්න දෙයක් නෑ.. ළමයි බඩගින්නෙ. කාට කියන්නද? අමල් යතුරුපැදියේ නැගී යමින් කල්පනා කළේ ඒ ගැනය. අමල්ට හරිහමන් රස්සාවක්ද නැත. කොරෝනා වසංගතයට කලින් වැඩ කළ වැඩ පළද වසා දමාය. ඔහු කෙලින්ම ගියේ අරමුණකින් තොරවය. රත්නපුර ප‍්‍රදේශයේ අතුරු මාර්ගයකදී ඔහුගේ ඇස ගැටුණේ පාරේ ගමන් ගත් තරුණියකි. ඇගේ ගෙලේ රන් මාලයකි. කිසි දවසක මාල කඩා නැති ඔහු ඇය ළඟට ගියේය. ‘‘මිස්… සමාවෙන්න මිස්, මම හැදුවේ ඔය චේන් එක කඩාගන්න..’’ ඇය ගොඩදැමූ මාළුවකු මෙන් වෙව්ලන්නට ගත්තේය. ඒ අතර අමල් ගෙදර ප‍්‍රශ්න ගැන කියාගෙන කියාගෙන ගියේය. ඇයට කාරණා තේරිණි. අත්බෑගය ඇර රුපියල් පන්දහසක් අමල් අත තැබූ ඇය යන්නට ගියේ ලක්‍ෂයකට වඩා වටිනා රන්මාලය බේරාගත් එකට වඩා මිනිසුන් අසරණ වී ඇති තරම ගැන සිතමිනි.

 පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment