රත්‍රන් මිල ගණන් ඊයේ (30 දා) සිට නැවත ඉහළ ගොස් ඇත.
ඒ අනුව කැරට් 22 ක රන් පවුමක මිල රුපියල් එක්ලක්‍ෂ හැටතුන්දහස් අටසීයක් දක්වා ඉහළ ගොස් ඇත. පෙරේදා (29 දා) එහි මිල සඳහන් වූයේ රුපියල් එක්ලක්‍ෂ හැටඑක් දහසක් ලෙසිනි.
එසේම රුපියල් එක්ලක්‍ෂ හැත්තෑපන්දහසක් ලෙස පැවති කැරට් 24 රත්‍රන් පවුමක මිල ඊයේ (30 දා) රුපියල් එක්ලක්‍ෂ හැත්තෑ අටදහසක් දක්වා ඉහළ ගොස් ඇති බවද රත්‍රන් වෙළෙඳ පොළ දත්ත වාර්තා සඳහන් කරයි.
සුජීව තත්සර