රනිල්ගේ ආගමනය රටට සැනසිල්ලක් – පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

349

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ ආගමනය මේ අවස්ථාවේ රටට සැනසිලි දායක කරුණක් වන බව තමන් වහන්සේ පෞද්ගලිකව විශ්වාස කරන්නේ යැයි දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් කැලණිය පඤ්ඤානන්ද විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම රටේ අනාගතයට කෙලෙස බලපාන්නේ දැයි උන්වහන්සේ ගෙන් කළ විමසීමේදී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවසීය.

ඡන්ද විමසීමට පෙරත් මා මාධ්‍ය ප්‍රකාශයක් කරමින් පැහැදිලි කළේ රටේ දැන් පවතින වාතාවරණය අනුව පරිණත දේශපාලන බුද්ධියක් ඇති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා නියම සුදුස්සා බවයි.

එ වගේම පදවි ප්‍රාප්තියෙන් පසු එතුමා විසින් කළ යුතු ප්‍රධානම කරුණ වන්නේ කාලයක් මුළුල්ලේ දැඩිලෙස පීඩාවට පත්වී සිටින ජනතාවට සහනයක් සැලසීමයි. මේ වනවිට ඉන්ධන පෝලිමේ සිදුවූ විසිවැනි මරණයත් වාර්තා වෙලා තියෙනවා. දින ගණන් අම්මාවරු ගෑස් පෝලිමේ. පියවරු තෙල් පෝලිමේ. කුප්පි ලාම්පුවෙන් ජීවත්වන භූමිතෙල් තමන්ගේ ජීවිතයට අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් කර ගත්ත වතුකරේ ජනතාව වගේම කොළඹ පේළි ගෙවල් මහල් නිවාස මේවායේ ජීවත්වෙන භූමිතෙල් ලිපෙන් ආහාර සකස් කරගන්න ජනතාව අන්ත අසරණයි. මෙන්න මේ වගේ රටේ දැවෙන ප්‍රශ්නවලට පැලැස්තර විසඳුම් නොව තිරසාර විසඳුමක් ගෙන ඒමට අභිනව ජනාධිපතිවරයා පියවර ගත යුතුයි.

මංගලා මදුරප්පෙරුම


advertistmentadvertistment