රනිල්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළොත් 2048 දී රට යහපත් තැනක

37

ණයක් ගන්න බිය නොවිය යුතු නැහැ

ණයක් ගන්න බිය නොවිය යුතු අතර ඒ ගත් ණය නොගෙවා ඉන්නවා නම් බිය වියයුතු බවත් ආණ්ඩුවට වුවත් එය පොදු බවත් එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (18 දා) පැවසීය.

කුඩා ව්‍යාපාරිකයන් මහා පරිමාණ ව්‍යාපාරිකයන් බවට පත්වී සිටින්නේ කුඩා ණයක් ගෙන එය ගෙවා එය මහා පරිමාණයෙන් ණය ගෙන එයත් ගෙවාගෙන යන ගමන් බවද සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (18 දා) පැවැති මාධ්‍ය හමුවේදී වජිර අබේවර්ධන මහතා පැවසීය.

IMF ්‍ණය ලබා ගැනීම සම්බන්ධයෙන් ඇතැමුන් බිල්ලන් මැවුවත් එම ලබාගත් මුදල් නිසියාකාරව ආයෝජනය කර ප්‍රතිලාභ ලබා ගන්නවා නම් ණය ගැනීමට බිය විය යුතු නැති බවද ඒ මහතා කීය. ගත් ණය මුදල ගංවතුර හෝ වෙනත් ව්‍යසනයකට වැයවී ඇතිනම් ඒ බව ණය ලබාගත් ආයතන සමග සාකච්ඡා කර නොගෙවා සිටීමේ හැකියාව ඇතිකර ගතහැකි බවද ඒ මහතා කීය.

අද රට පාලනය කරන්නේ වසර 50 ක අත්දැකීම් ඇති පරිණත නායකයෙක්. ඔහුගේ ප්‍රතිපත්ති නිසියාකාරව රටේ ක්‍රියාත්මක කිරීමට හැකි වුණොත් 2048 වන විට රට යහපත් තැනකට ගෙන එන්න හැකි බව කියන්නේ ඒකයි.

වසර තුනකට පසුවයි මෙවර රටේ ජනතාව සිංහල, හිංදු අවුරුද්ද සැමරුවේ. රටේ තිබුණු පෝලිම් ක්‍රමය ඉවත් කර අද වාහනයක් පණගන්වා ඇස්ලේටරය ක්‍රියාත්මක කරන සියලුම රියැදුරන් ඇස්ලේටරය පාගනවිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිහියට නගාගත යුතුයි. මොකද ඒ තත්ත්වය ඇතිකර දුන්නේ ජනාධිපතිවරයා නිසයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment