රනිල්ට වැඩිපුර එක දිනයක්වත් දෙන්නේ නෑ – සාගර කාරියවසම්

82

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජනවරම හිමිවූයේ වසර 5ක කාලයක් සඳහා පමණක් වන බැවින් එම ධුර කාලයේ අනුප්‍රාප්තිකයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාට එම කාලසීමාවට වඩා එක් දිනක් හෝ බලයේ රැඳී සිටීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය ලබානොදෙන බව එම පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.

මහ ලේකම්වරයා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ, ජනාධිපතිවරයාගේ ධුර කාලය නිමාවන දිනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබාදෙනතුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ව්‍යාපාරිකයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳව කළ විමසීමට ප්‍රතිචාර දක්වමිනි. ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීම සඳහා කිසිදු නීතිමය හෝ සදාචාරාත්මක පසුබිමක් නොමැති බවත් ප්‍රකාශ කළ මහ ලේකම්වරයා එම නඩුවට පාර්ශ්වකරුවකු ලෙස සම්බන්ධ වනවාද යන්න පිළිබඳව මේ වනවිටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සාකච්ඡාවක් ආරම්භ කර ඇති බවත් පැවැසීය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කර සිටියේ, ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හොත් ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවයි.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment