රනිල් ඉන්දියා යයි

93

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21 දා) උදෑසන ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරිවරයා ද සනාථ කළේය.

ඔහු සමග ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ, සාගල රත්නායක සහ තවත් ඔවුන්ගේ සහයකයකු මෙම සංචාරය සඳහා පිටත්ව ගිය බැව් ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

ඔවුන් ඊයේ (21 දා) උදෑසන 08.19ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.

කටුනායක ටී.කේ.ජී. කපිල


advertistmentadvertistment