රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා, සමගි ජන බලවේගය පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ (05දා) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේය.
නීතිඥ සම්පත් විජේවර්ධන මහතා මගින් ගොනුකර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුදල් හා ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා නම්කර ඇත.
ඒ. ජේ. ඒ. අබේනායක