රනිල් – සජිත් – අනුර ළඟ අරගලය ඉල්ලූ වෙනස නෑ – ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතීඥ නුවන් බෝපගේ

42

ගෝල්ෆේස් අරගලයෙන් ඉල්ලා සිටි ක්‍රම වෙනසකට අදාළ කිසිඳු ප්‍රතිපත්කියක් රනිල්- සජිත් හෝ අනුර ඉදිරිපත් කර නෑ. ජනතාවාදී ක්‍රම වෙනසක් ඉදිරිපත් කර ඇත්තේ ජනඅරගල සන්ධානය පමණයි යැයි එම සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂක නීතීඥ නුවන් බෝපගේ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ එම සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය 31 දා කොළඹ මහජන පුස්තකාලයේ පැවැති අවස්ථාවේදීය.

එහිදී ඔහු මෙසේ ද කීවේය.

රනිල් - සජිත් - අනුර ළඟ අරගලය ඉල්ලූ වෙනස නෑ - ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතීඥ නුවන් බෝපගේ

අපි අභිමානයෙන් ප්‍රකාශ කරනවා මේ රටේ දේශපාලන තලය තුළ, දේශපාලන ව්‍යාපාර තුළ දුක්විඳින ජනතාවගේ පීඩාවට පත් වූ ජනතාවගේ ඉරණම තීරණය කරන්නා වූ එකම වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නට පුළුවන් වූ එකම ව්‍යාපාරය ජන අරගල සන්ධානය පමණයි කියන කාරණය.

මේ සමස්ත වැඩපිළිවෙල ඇතුළේ අපි ඉදිරිපත් කරනවා සැබෑ ක්‍රම වෙනසක්. ඇයි අපට ක්‍රම වෙනසක් අවශ්‍ය. අපි දන්නවා මේ තියෙන කැපිටලිස්ට් සිස්ටම් එක, ධනපති ක්‍රමය අඩුම තරමේ ධනපති පාලකයන්ටවත් තමන්ගේ ක්‍රමය ගැන කෙළින් කියන්න බැරිව තටමන යුගයක් අපි දැක්කේ. අපි කලින් දැක්කා මානූෂීය ආර්ථිකයක්, ධර්මිෂ්ඨ ආර්ථිකයක්. සුබ අනාගතයක් යහ පාලනය වගේ වචන කියනව මිසක් ධනවාදය කියලා කියන්න ලැජ්ජයි. බයයි. අඩුම තරමේ මේ රටේ ධනපති පාලකයන්ට තමන්ගේ ක්‍රමය ගැනවත් කියන්න ලැජ්ජයි. එවැනි අවස්ථාවක අපට ධෛර්යක් තිබුණා අභිමානයෙන් යුතුව කියන්න ඒ ක්‍රමයට විකල්ප ක්‍රමයක් තියෙනවා ඒක වෙනුවෙන් අපි පෙනී ඉන්නවා කියලා.

මේ වැඩපිළිවෙල ඇතුළේ තියෙනවා කොහොමද යුක්ති සහගත ආර්ථිකයක් හදන්නේ. ජන කේන්ද්‍රීය ආර්ථිකයක් හදන්නේ. සැලසුම් සහගත ආර්ථිකනයක් හදන්නේ. නිෂ්පාදනය මුල් වූ ආර්ථිකයක් හදන්නේ කියලා.

අපේ නොබැඳි රාජ ප්‍රතිපත්තිය තුළ ජනාතව නොගෙවිය යුතු අසාධාරණ ණය අපි ගෙවන්නේ නෑ. මේ රටේ ජනතාවට පටවපු විලෝපිත ණය අපි ගෙවන්නේ නෑ. ජනතාවගේ සම්මුතියෙන් අපි අභියෝග කරනවා පමණක් නෙවෙයි, ජනතාවට බර පැටවෙන්නේ නැති විදියට ඒ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද කියන කාරණය අපි විස්තර කරලා තියෙනවා. මේ රාජ්‍යතාන්ත්‍රිකයාට බැරි වෙලා තියෙනවා රටට විරුද්ධ ප්‍රකාශවලට අභියෝග කරන්න. ඉන්දියාවේ මෝඩි දකුණේ ඡන්ද ගන්න කියනවා ලංකාවේ දූපත් නැවත පවරාගන්නවා කියා. මේ රටේ මහා ලොකු තාන්ත්‍රිකයාට එක වචනයක් ඊට විරුද්ධව කියන්න පුළුවන් වුණාද? චීනයේ පර්යේෂණ නෞකා එනකොට ඉන්දියාව කීවා ඇතුළුවෙන්න දෙන්න එපා කියලා. මේ රාජ්‍යතාන්ත්‍රිකයාට කියන්න පුළුවන් වුණාද අපේ රටේ කටයුතුවලට සම්බන්ධ වෙන්න එපා කියලා කියන්න.

ඒ ධෛර්යයත් එක්ක තමයි අපි ඉදිරියට යන්නේ. මේ ජනාධිපතිවරණ පොර පිටියේ ඉන්න චරිත ගණනාවක් පැහැදිලියි. මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ ඇප මුදල් තැන්පත් කරලාත් ඉවරයි. අනෙකුත් සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක වගේ අයත් දැන් මැතිවරණ පොර පිටියේ තමන්ගේ කටයුතු කරමින් යනවා. මේ සෑම අයගේම ප්‍රතිපත්ති එකිනෙකට සම්බන්ධයි. එකිනෙකට සමානයි. මේ රටේ ජනතාව ඉල්ලපු අරගලයෙන් ඉල්ලපු ක්‍රම වෙනසකට අදාළව කිසිදු ප්‍රතිපත්තියක් මේ ප්‍රකාශය තුළ තියෙන්න විදියක් නෑ.


advertistmentadvertistment