රනිල් සමග ඉන්න ‘පොහොට්ටුවේ’ මන්ත්‍රීවරු 23 දෙනා

1729

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණ යේදී සෘජුවම සහාය දක්වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරුන් 23දෙනකු හඳුනා ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.එම පිරිස වනුයේ ජෝන් සෙනෙවිරත්න, චාමර සම්පත් දසනායක, ලසන්ත අලගියවන්න, නිමල් සිරිපාල ද සිල්වා, නිමල් ලන්සා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද අමරවීර, අලි සබ්‍රි රහීම්, අනුර ප්‍රියදර්ශන යාපා, එස්. එම්. මුෂාරෆ්, දුමින්ද දිසානායක, සුරේන් රාගවන්, නලීන් ප්‍රනාන්දු, ජගත් ප්‍රියංකර, ප්‍රියංකර ජයරත්න, සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක සහ ජගත් පුෂ්පකුමාර , ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, කන්චන විජේසේකර, ලොහාන් රත්වත්ත යන වර්තමාන රජයේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසකි.මෙම පිරිසට අමතරව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ එක්වීමට පොහොට්ටු පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් රැසක් බලාපොරොත්තුවෙන් සිටින බව ද එම දේශපාලන ආරංචි සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment