රනිල් හෝටලයක් කරන්න ගිය නුවරඑළිය තැපැල් හල යළි තැපෑලටම

100

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සංචාරක හෝටල් ව්‍යාපෘතියක් සඳහා මුදාහරින ලෙස ඉහළ බලධාරීන්ට නියෝග කළ නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෙර තිබූ පරිදි තැපෑලේම ප්‍රයෝජනයට යොදාගන්නා ලෙස වත්මන් රජය උපදෙස් දී තිබේ.

විෂයභාර ඇමැති විජිත හේරත් මහතා විසින් ඊයේ (09දා) අදාළ බලධාරීන්ට මෙම උපදෙස් දී තිබේ. ඒ අනුව නුවරඑළිය තැපැල් කාර්යාලය පිළිබඳව ගත් සියලු තීරණ අත්හිටුවන බවත් මින් ඉදිරියට එය තැපැල් දෙපාර්තමේන්තුවේ සේවා සඳහා භාවිත කරන ලෙසත් ඇමැතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුවට වසර 150ක් පිරීම නිමිත්තෙන් ඊයේ අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී ඇමැති විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment