රනිල් ළඟට ගිය අය ලකුණක් හොයයි

447

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දුන් සියලු පක්‍ෂවල එකඟතාව මත ඉදිරි මහ මැතිවරණයේදී හංසයා, කුසලානය හෝ පුටුව ලකුණින් තරග කිරීම සඳහා තීරණය කර ඇත.

ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගෙන් හා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් කුසලානය ලාංඡනය යටතේ සැදුම්ලත් පොදුජන එක්සත් නිදහස පෙරමුණ සහ අනිකුත් සුළු පක්‍ෂවල නියෝජිතයන් රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය මත අගමැති අපේක්‍ෂකයකු නම් නොකර ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට එම පක්‍ෂවල දේශපාලන නායකයන් එකඟතාව පළකර ඇති අතර ඉදිරි දින කිහිපයේ ජනාධිපතිවරණයේදී සහය නොදුන් පක්‍ෂ සමග ද සාකච්ඡා කිරීමට නියමිත බව පොදුජන එක්සත් නිදහස පෙරමුණේ ප්‍රබලයෙක් පැවසීය.

මේ අතර ජනාධිපතිවරණයට තරග වැදුනු මවුබිම ජනතා පක්‍ෂයේ නායක දිලිත් ජයවීර මහතා සමග ද පොදුජන එක්සත් නිදහස පෙරමුණ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බවත් පොදුජන එක්සත් නිදහස පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment