‘රමණිබරිය මිලතුශ විහාරේ කරිතේ කතියේ’ ශී‍්‍ර ලංකාවේ පළමු ගීයෙන් ලියවුණු ශිලා ලිපිය පිහිටි කසාගල රජමහ වෙහෙර

98

‘‘මරදන්කඩවල, කොස්සෝකන්ද කසාගල පුරාණ රජමහ විහාර මළුවේ තිබෙන ශ‍්‍රී ලංකාවේ පළමු වන ගීයෙන් ලියවුණ අනර්ඝ දුර්ලභ ශිලා ලිපිය අනාරක්‍ෂිතව විනාශ වී යෑමට ලක්ව තිබේ!’’

‘‘රමණිබරිය මිලතුශ විහරේ කරිතේ කතියේ’’ මෙය රාජකීය ආසියාතික සඟරාවේ ලංකා ශාඛාවේ තිස්හය වැනි කලාපයේ සහ එවකට හිටපු පුරා විද්‍යා කොමසාරිස් මහාචාර්ය දිවංගත සෙනරත් පරණ විතාන ශූරීන් විසින් ලියන ලද ශ‍්‍රී ලංකාවේ බ‍්‍රාහ්මිලෙන් ලිපි ග‍්‍රන්ථයේ එකසිය අනුතුන් වැනි ලෙන් ලිපිය ලෙසට සඳහන් කර ඇත.

‘‘කොස්සෝකන්ද පන්සල රමණීය සොබාහරිත අලංකෘත සිත්ගන්නා ස්ථානයකි. මෙහි ගල්ලෙන් හතකි. පුරාණ ගොඩනැඟිලි නටඹුන් රැසකි. ලෙන් විහාරය ඇතුළත බුදුමැදුරු දෙකක් පිහිටුවා තිබේ. වැලිමළුව සමඟ කඳුගැටයට නැගීමට අඩි දෙකක් පලල පියගැට තිස් එකකි. පහළින් සක්මන් මළුව සමඟ පුරාණ ධාන්‍යාකාර දාගැබ පිහිටුවා ඇත. මෙහි පළල අඩි විසිදෙකක් දිග අඩි විසිහයක මල් ආසනයකි.

‘රමණිබරිය මිලතුශ විහාරේ කරිතේ කතියේ’  ශී‍්‍ර ලංකාවේ පළමු ගීයෙන් ලියවුණු ශිලා ලිපිය පිහිටි කසාගල රජමහ වෙහෙර

දේවානම් පියතිස්ස රජතුමන් විසින් රත්තරන් කකුළුවෙකු තුළ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කර දකුණු දාගැබ ධාන්‍යාගාර හැඩයෙන් කොස්සෝකන්දේ තනවා කතිකාරාමය ලෙස පූජා කළ බව ද ඉතිහාසයේ සඳහන් කරුණකි.

අනුරාධපුර ජයශ‍්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබාගත් දෙතිස් පැළ බෝධි අංකුරයක් කීර්ති දේවි සහ තාරාදේවි විසින් ගැමුණු කුමරුන්ට සටන ජය ගැනීමට උපදෙස් ලබාදුන් විලක්කතිස්ස මහරහතන් වහන්සේසේට පූජාකළ බවත් එදා කොස්සෝකන්ද පූජා භූමියේ රෝපණය කළ එම අංකුර බෝධිය අදද විරාජමානව පුද පූජා සහිතව පවතී.’’

‘‘යහ ගී වෘතයෙන් ලියන ලද මුල්ම ශිලා ලිපිය ලෙස 1945 දී කොස්සෝ කන්ද සෙල් ලිපිය ලෙස සෙනරත් පරණ විතාන ශූරීන් විසින් නම් කර තිබේ. රජවරු කිහිපදෙනකු විසින් කරවන ලද සෙල් ලිපි හයක් කොස්සෝකන්ද ගල්තලාවේ තිබෙන බව ඉතිහාසඥ බෙල් මහතා විසින්ද සනාථ කර තිබේ.’’

‘‘කොස්සෝගම මුල්කරගෙන අපගේ භාෂා සාහිත්‍ය පෙර නර විරුවන් විසින් සනිටුහන් කර තිබෙන මෙහි සෙල්ලිපි මේ වනවිට අනාරක්‍ෂිතව විනාශ වෙමින් තිබේ. විහාරාධිපති කලාකරඹෑවේ රාහුල හිමියන් පවසන පරිදි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මෙම පුරාණ පිංබිම සම්බන්ධව සොයා නොබලන බවත් වටිනා කියන ඉතිහාසයක් විනාශ වී යන බවත් පුරා විද්‍යාව බෝඞ් ලෑල්ලට පමණක් සීමාවී ඇති බව පවසති.’’

‘‘එමෙන්ම කොස්සෝකන්ද කඳුවැටිය බොරළු ලබාගැනීම සඳහා වසර ගණනාවක සිට ඉවක් බවක් නැතිව කපා විනාශ කරන බවත් මේ නිසා කඳු වැටියේ වටිනා පරිසරය විනාශ වී සෝදා පාළුවට ලක්වී පුරාණ පද්ජොත්‍ය වැව ගොඩවී යෑමට ලක්ව ඇති බවත් මේ සම්බන්ධව කරුණු කාරණා වගකිවයුත්තන්ට දැන්වූවත් පළක් නොවුණ බව විහාරාධිපති වහන්සේ පවසති. මෙම ෙඓතිහාසික පුණ්‍යභූමිය ආරක්‍ෂා කිරීම බලධාරීන්ගේ වගකීමකි…’’

කැකිරාව – සුදත් ඒකනායක

advertistmentadvertistment