උඩරට දුම්රිය මාර්ගය රඹුක්කන ප්‍රදේශයේදී අවහිර කරගෙන අද උදෑසන සිට පවත්වනු ලැබූ උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලිසිය සවස කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය නිසා පොලිසිය සමග ඇතිවූ ගැටුමින් පුද්ගලයින් 11 දෙනෙක් තුවාල ලබා ඇත.ඉන් බරපත තුවාල ලැබූ සිව් දෙනෙකු කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.එක් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටියදී මියගොස් ඇත.
|