රයිගම් පස්දුන් මහා ක්‍රිකට් ගැටුම හෙට සහ අනිද්දා

38

හොරණ ශ්‍රීපාලි විද්‍යාලය සහ මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය අතර හයවෙනි වරට පැවැත්වෙන “රයිගම් පස්දුන් හටන” මෙවර ජුනි 28 සහ 29 දෙදින බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ විදුහල්පතිනි අනූෂා දමයන්ති සහ මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විද්‍යාලයේ විදුහල්පතිනි දුල්මිණි සේනානායක මහත්මීන්ගේ මඟපෙන්වීම මත මෙම තරගාවලිය විද්‍යාල දෙකේ ආදි ශිෂ්‍ය සංගම් සංවිධානය කර ඇත.

පසුගිය තරග 5න් තරග හතරක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්වී ඇති අතර එක් තරගයක් ශ්‍රීපාලි විද්‍යාලය ජයග්‍රහණය කර ඇත.

පළමු දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ උප සභාපති රවින් වික්‍රමරත්න ද, සමාප්ති උළෙලේ ප්‍රධාන අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ශ්‍රීපාලි කීර්තිමත් ආදි ශිෂ්‍ය අනුෂ සමරනායක මහතා ද සහභාගිවීමට නියමිතය.

ශ්‍රීපාලි විද්‍යාලයීය කණ්ඩායම

පළමු පෙළ (වමේ සිට) උපේඛ අමන්ත (උපනායක), මහීප මධුසංඛ (ප්‍රධාන පුහුණුකරු), මාධවී දිසානායක (නියෝජ්‍ය විදුහල්පති), ප්‍රියන්ති පෙරේරා (නියෝජ්‍ය විදුහල්පති), අනූෂා දමයන්ති (විදුහල්පතිනි), චන්ද්‍රසේන මනතුංග (නියෝජ්‍ය විදුහල්පති), එච්.එච්.පී. මධුසංඛ, සුසිරි කිඳෙල්පිටිය, (සහාය පුහුණුකරු) දමිඳු ආදිත්‍ය (නායක)

දෙවන පෙළ (වමේ සිට) ෂෙහාන් දිමන්ත, යුමාල් යසින්ත, සසේන් දෙව්සන්, තරුෂ සත්සර, නෙවන් චන්දුල, මුදිත නවාංජන, රනිෂ්ක කෞශල්‍ය, කසුන් සඳරුවන්, පුර්ම අර්වන, සේමිත ගීත්ග, මිතුල පෙරේරා, දනුජ සේජාන්, රවිශ්ක සඳයුරු, හංසක නිර්මාල්, අදීෂ රුක්මාල්, නවිරු මෙත්යුග නියෝජනය කරනු ලබයි.

රයිගම් පස්දුන් මහා ක්‍රිකට් ගැටුම හෙට සහ අනිද්දා

මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විද්‍යාලයීය කණ්ඩායම

පළමු පෙළ (වමේ සිට) පසන් පින්සර, තියුගී ගමඇතිගේ (නායක) ශ්‍රියාන් ප්‍රනාන්දු, (පුහුණුකරු), ඉන්දික ප්‍රසන්න (නියෝජ්‍ය විදුහල්පති), දුල්මිණි සේනානායක (විදුහල්පතිනි), නදීෂා ලක්මිණි (නියෝජ්‍ය විදුහල්පති) ලහිමාලි ජයසිංහ (ක්‍රිකට් සම්බන්ධීකාරක) දුලින් දම්යුරු (උප නායක), බිහඳු නෙවන්.

දෙවන පෙළ (වමේ සිට)

යසිරු සන්දීරපල පසිඳු රමේශ්, නවිඳු නෙත්සර, දිනුක නිම්සර, චමිත දෙනුවන්, නුරාන් භාතිය, ගුණිඳු චන්දුප, බිනුල භාසුරු, මොහොමඩ් අබ්බාස්, රවිඳු යසින්ත, පසිඳු සුරත්, රිෂෝන් නෙත්මිර, කුෂාන් පීරිස්, යසිරු දිල්ෂාන් නියෝජනය කරනු ලබයි.

අඟුරුවාතොට – මංගල ප්‍රසන්න

advertistmentadvertistment
advertistmentadvertistment