නර්තන කලා ක්‍ෂේත්‍රයේ උන්නතිය සඳහා සිදුකළ විශිෂ්ට ශාස්ත්‍රාලයීය මෙහෙවර අගයමින් ප්‍රවීණ නර්තනාචාර්ය රවිබන්දු විද්‍යාපති මහතා වෙත කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මගින් ගෞරව ආචාර්ය උපාධියක් ඊයේ (27 වැනිදා) පිරිනැමීය.
සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. මහලියන ආරච්චි මහතා අතින් මෙම ගෞරව ආචාර්ය උපාධිය පිරිනැමීය.