රවි වෛද්‍යලංකාරට ඇප

70

කොළඹ ට්‍රාන්ස්වර්ක්ස් චතුරස්‍රයේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක පිහිටි නිවාස ඒකක හතරක් ලබාදෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්‍ෂ 770ක මුදලක් ලබාගෙන මුදල් හෝ නිවාස ලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක තුන්වන සැකකරු ලෙස නම්කොට තිබූ එම නිවාස හිමිකාර සමාගමේ අධ්‍යක්‍ෂවරයකු වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර මහතාව රුපියල් ලක්‍ෂ 100 බැගින් ්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ (15 දා) නියෝග කළේය. කොඩිකාර කංකානම්ලාගේ කොඩිකාර නමැත්තා පුද්ගලිකව එම නඩුව පවරා තිබිණි.

එම නඩුවේ සෙසු සැකකරුවන් ලෙස මුදල් භාරගත්තේ යැයි කියන සමාගම, එම සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා හා එම සමාගමේ අධ්‍යක්‍ෂවරයකු වන රවි වෛද්‍යලංකාර මහතා නම් කර තිබිණි.

2018 වසරේදී එම මුදල් ගෙවීම් සිදුකළත් මේ දක්වා නිවාස හෝ මුදල් ලබා නොදුන් බව එම පැමිණිලිකරු සිය පැමිණීල්ල මඟින් අධිකරණයට කියා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment