රවි සිංහයට

5720

සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස හැඳින්වෙන රාජ්‍යකාරකයා ලෙසින් ද හැඳින්වෙන රවි 2024.08.16 සිට මසක් එනම් සැප්තැම්බර් 16 දක්වා ස්වකේෂ්ත්‍රව ගමන් කරනු ලබයි. රවි බලවත්ව යන කාලයක් එනම් මසක කාලයක් තුළ රජය බලවත් වීම පෙන්නුම් කරයි. රට තූළ වියළි කාලගුණික තත්ත්වයක් ද ඇති කරයි. ජනතාවට යම් යම් සහන ලැබීම් ද පෙන්නුම් කරයි.
මෙහිදී තත්කාල ලග්නය වශයෙන් කුම්භ ලග්නයත්, වෘෂභ නවාංශකයත් පැවතුණි. ලග්නගතව වක්‍ර ශනි ද දෙවැන්නේ රාහු ද, සිව්වැන්නේ කුජ – ගුරු ද, හත්වැන්නේ විසිදෙවන දෙර්කානාධිපති වූ සිකුරු පහ අධිපති සමඟ රාජ්‍යකාරක රවි ද අටවැන්නේ කේතු ද, එකොළොස්වැන්නේ සඳු ද ගමන් ගෙන තිබුණි. තත්කාල කේන්ද්‍රයේ 22 වන දෙර්කානාධිපතිට අයත් වීම මත කාන්තාවන්ට යහපත් නැති බව පෙනෙන්නට ඇති අතර භූ කම්පන, භූ චලන ඇති වීමට ඉඩ පවතින මාසයකි.මන්ත්‍රීවරුන් අතර යම් යම් වෛරස් රෝග ඇති කරනු ලබයි.
ග්‍රහලොව බලවතාගේ ග්‍රහ මාරුව ලග්න 12 ට බලපාන අයුරු බලමු.

මේෂ ලග්නය

මේෂ ලග්න ඔබගේ පස්වැන්න හෙවත් විද්‍යා ස්ථානයේ රවි ගෝචර වේ. මේ අවස්ථාව වන විට මේෂ ලග්න ඔබගේ 2 අධිපති සහ 3 අධිපති සමඟින් සංයෝගව ගමන් කර තිබුණි. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට යහපත් වේ. බාධක ග්‍රහයෙකු අයස්ථානගත වීම මත ලැබීම් වලට බාධක ඇති කරයි. ඌෂ්ණාධික අසනීප තත්ත්ව ඔබට ඇති වීමට පිළිවන. බාල සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබිය හැක.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්න ඔබගේ කේන්ද්‍රයේ හතරවැන්නට රවි ගෝචරව බලවත් වේ. මෙම අවස්ථාවේ ඔබගේ ලග්නාධිපති ද එම ස්ථානයේ රැඳී සිටි අතර 5 අධිපති කේන්ද්‍රගතව ගමන් ගෙන තිබුණි. අධ්‍යාපනයේ යෙදී සිටින වෘෂභ ලග්න ඔබට යහපත් ය. ජයග්‍රහණ හිමි විය හැක. තරමක් ආවේගශීලී වීමට ඉඩ පවතී. එමෙන් ම බාල සහෝදරයන් අතර ගැටුම්, ගැටලු පෙන්නුම් කරයි.

මිථුන ලග්නය

මිථුන ලග්න ඔබගේ කේන්ද්‍රයේ රවි තෙවැන්නේ ගෝචර වේ. ලේඛනමය කටයුතු කරන අයට මෙම කාලය යහපත් ය. බාල සහෝදරයන්ගෙන් යම් යම් ලැබීම් වලට ඉඩ පවතී.

කටක ලග්නය

කටක ලග්න ඔබගේ කේන්ද්‍රයේ රවි ධනස්ථානයට හෙවත් දෙවැන්නේ ගෝචර වේ. එමෙන් ම හතර අධිපති ද එහිම විය. තැන්පත් ධනයේ වැඩි වීමක් ඇති කරයි. ඉඩකඩම් ගැටලු පවතී නම් ඔබට මෙම මසක කාලය තුළ එම ගැටලු නිරාකරණය වීමක් ද පෙන්නුම් කරයි.

සිංහ ලග්නය

සිංහ ලග්න ඔබගේ ලග්නාධිපති ලග්නගතව ගෝචර වේ. මෙහි දී ඔබට යම් යම් තනතුරු ලාභ රැකියාවේ දියුණුව ඇති කරයි. වෙළඳ ව්‍යාපාර කරන අයෙක් නම් එහි දියුණුව ඇති කරයි.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්න ඔබගේ දොළොස්වැනි භාවය තුළ රවි ගෝචර වේ. ඒ අනුව කන්‍යා ලග්න ඔබට රැකියාවේ ගැටලු ඇති කරනු ලබයි. 9 අධිපති 12 වැන්නේ සිටින බැවින් විදෙස්ගත වීමට වාසනාව ඇති කරනු ලබයි.

තුලා ලග්නය

තුලා ලග්න ඔබගේ කේන්ද්‍රයේ රවි ලග්නාධිපති, භාග්‍යස්ථානාධිපති සමග අයස්ථානගත විය. ලැබීම්වලට ඉතා යහපත් ය. රවි ඔබට බාධක ග්‍රහයෙකු බැවින් යම් යම් බාධක තත්ත්වයන් ද ඇති කෙරේ.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්න ඔබට කර්මස්ථානය හෙවත් 10 වැන්න තුළ රවි ගෝචර වේ. එමඟින් ඔබට රැකියාවේ උසස් තනතුරු නිලතල ලැබිය හැක. ප්‍රධානීන්ගෙන් පැසසුම් පවා හිමිවිය හැකි කාලයකි. ලග්නාධිපති කුජ 7 ගමන් කරන බැවින් පවුල් සංස්ථාව තුළ යම් යම් ගැටුම් ද ඇති වීමට ඉඩ පවතී.

ධනු ලග්නය

ධනු ලග්න ඔබගේ කේන්ද්‍රයේ රවි භාග්‍යස්ථානය හෙවත් 9 වැන්නේ ගෝචර වේ. ලැබීම් වලට යහපත් ය. එමෙන් ම ඔබ විවාහ වී නොමැති නම් යහපත් හවුල්කරුවෙකු ලැබෙනු ඇත. ධනු ලග්න ඔබට ධර්මකර්මාධිපති යෝගය ද මෙම කාලය තුළ පවතින හෙයින් මෙකී මාසය සාර්ථක මාසයකි.

මකර ලග්නය

මකර ලග්න ඔබගේ කේන්ද්‍රයේ රවි 8 වැන්නට ගෝචර වේ. මෙහි දී 5 අධිපති සහ 8 අධිපති යන ග්‍රහයන් ද 8 වැන්නේ බැවින් අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට මෙන් ම රැකියාවල යෙදී සිටි අයට ද බාධක ඇති කරනු ලබයි.

කුම්භ ලග්නය

කුම්භ ලග්න ඔබගේ කේන්ද්‍රයේ රවි 7 වැන්න තුළ ගෝචර වේ. එහි දී 8 අධිපති බුධ ද එම ස්ථානයේ බැවින් විවාහ වී සිටින කුම්භ ලග්න හිමියන්ට ගැටලු ඇති කෙරේ.

එමෙන්ම හවුල් ව්‍යාපාරයේ යෙදී සිටි අයෙන් ද එමඟින් ද ගැටලු පෙන්නුම් කරයි. ඔබ තරමක් ආවේගශීලීවීමට පිළිවන් බැවින් සමහර තීන්දු නිසා පාඩු ඇති කරන බවක් ද පෙනේ.

මීන ලග්නය

මීන ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ රවි 6 වැන්නට ගෝචර වේ. මෙහි දී 7 වැන්න සහ 8 වැන්න අධිපති ග්‍රහයන් එකට එකතු වී සංයෝගව ගමන් කර තිබුණි. මෙම මාසය තුළ විවාහ ජීවිත, හවුල් ව්‍යාපාර ගැටලු ඇති විය හැකි නිසා ඉවසීමෙන් කල්පනාකාරීව සිටිය යුතු මාසයකි. (දසාවල් මෙන් ම කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් අනුව වෙනස් විය හැකි අතර ඔබගේ කේන්ද්‍රය බලා නිවැරදි තක්සේරුවකට එළඹෙන්න.)

රවි ග්‍රහයා දුබලත්වය මඟ හැරීම සඳහා ඔබ විසින් අන්ධ අයට උපකාර කිරීම, සතුන්ට ආහාර දීම වැදගත් වේ.

රවි සිංහයට

සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ ලේකම්
ආචාර්ය. පී.කේ.තරංග කුමාර
077 796 2658

advertistmentadvertistment
advertistmentadvertistment