රසවින්දනයේ සීමා මායිම් තවත් පුළුල් විය යුතුයි – වජිර ජයවර්ධන

66

රූපවාහිනී නිවේදක වජිර ජයවර්ධන ක්‍ෂෙත‍්‍රය තුළ වඩාත් ප‍්‍රකට වන්නේ සිංහල සාහිත්‍ය පිළිබඳ කතාබහ සඳහා  ‘වැඩි බරක්’ තබන ලද සන්නිවේදකයකු ලෙසය. ඔහු විසින් මෙහෙයවනු ලබන වැඩසටහන් අතර ‘කවි දහයට ගී දහයක්’ සංවාදාත්මක වැඩසටහන බෙහෙවින් ජනපි‍්‍රයත්වයට පත්ව ඇත. පහත පළවන්නේ රූපවාහිනී මාධ්‍ය තුළ සාහිත්‍යයික ප‍්‍රබෝධයක් ඇති කිරීම පිණිස තම හඬ පෞරුෂය නිර්ලෝභීව ප‍්‍රධානය කරන වජිර ජයවර්ධන සමග සිදු කළ සංවාදයක්ය.

 ප‍්‍රශ්නය. සන්නිවේදන කාර්යභාරයේ දී සන්නිවේදකයා සතු වගකීම පිළිබඳ ඔබගේ නිර්වචනය කුමක්ද?

 පිළිතුර- මම හිතන්නේ සන්නිවේදකයා සංදේශ සාහිත්‍යයයේ අපිට හමුවන දූතයෙක් වගෙයි. ඔහු හැමවිටම නැණවත් වෙන්න ඕන. වාග් චාතර්යය ඉතා ඉහළින් තියෙන්න ඕන. උනුන්ගේ සිත් හඳුනන නුවන ඔහුට තියෙන්නම ඕන. ඒ වගේම එඩිතර බව ස්ථානෝචිත ප‍්‍රඥාව ඔහු සතු පවතින්න ඕන. එහෙම නැති කෙනෙක්ට ඉදිරිපත් කරන්නෙක් වෙන්න බෑ. මොකද සන්නිවේදකයෙක් කියන්නේ ලියුම් බෙදන්නෙක් නොවිය යුතුයි. ආවට

 ගියාට පණිවිඬේ දීල අතහරින්න බෑ. සංදේශ රැුගෙන ගිය බව සඳහන් සත්ත්ව විශේෂ ගණනාවක් සංදේශ කාව්‍ය සාහිත්‍යයේසී හමුවෙනවා. ඒත් සැළලිහිණියා වගේ ජනප‍්‍රිය, හංසයා වගේ හැඬකාර, කොවුලා වගේ මනහර මතක හිටින නම් තියෙන්නේ කීයෙන් කීයද… ඒ නිසා පණිවිඬේ ගෙනියන හැමෝම සන්නිවේදනය කරලා නෑ. නිවේදකයෙක් සන්නිවේදකයෙක් වෙන්න නම් ඔහු හෝ ඇය දැනුමෙන් පොහොසත් විය යුතුය. ඒ රැුස් කරන දැනුම අවශ්‍යම මොහොතේ භාවිත කරන්න ඔහුට හෝ ඇයට එවිට පුළුවන්.

 ප‍්‍රශ්නය.- දියුණු පුරවැසි සමාජයක් නිර්මාණය කිරීම පිණිස සන්නිවේදකයා පෙර ගමන්කරුවෙක් විය යුතුයි. ඒ  වගේම සමාජය විනිවිද දැකීමේ හැකියාවෙන් පොහොසත් විය යුතුයි. ඒ මතය හා ඔබ කොතෙක් දුරට එකඟ ද ?

 පිළිතුර- පුරවැසියා බල ගැන්වෙන සමාජයක් කියන්නේ දැනුම කේන්ද්‍ර වුණ සමාජයක්. මොකද පුරවැසියා තමයි එතකොට පාලකයා වෙන්නේ. අදත් එහෙමයි කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. ඒත් අද පුරවැසියෝ දැනුවත් නම් රට මීට වඩා වෙනස්. පාරවල් අපි ලස්සන කරලා කාපට් දාල දියුණු කරලා තියනවා. ඒත් ඒ පාරෙ යන්න දියුණු මනුස්සයෙක් හදන්න තාම අපිට බැරි වුණ නිසා තමයි වාහනයක් කලර් ලයිට් ගාව පෝලිමේ නවත්වගෙන ඉන්නකොට අස්සෙන් ඇවිත් තව කෙනෙක් ඇතුළු වෙන්නේ. වැරදි පැත්තෙන් කඩාගෙන වාහන ඉස්සරහට එන්නේ. එහෙම නං අපි පාරවල් හදපු නිවුස් එක විතරයි රටට පෙන්වල තියෙන්නෙ.

 ඒ නිසා දියුණු පුරවැසි සමාජය හදන්න නම් දියුණු දැනුම් පද්ධතියක් රටේ තියෙන්න ඕන. සාහිත්‍යය අතිරේකයේ පිටු ගාණ ඉස්සරවෙලාම අඩු වෙන සංස්කෘතියක් තියන රටක, කවි පිටුව අඩු කරලා දැන්වීම් පිටු විතරක් වැඩි කරන රටක කොහොමද දැනුම් සංස්කෘතියක් හැදෙන්නේ. ටෙලිනාට්‍යය අස්සෙ ඇඞ් වෙනුවට ඇඞ් අස්සේ ටෙලිනාට්‍යය පෙනවන රටක කොහොමද රසවින්දනය හැදෙන්නේ. දැනුම්

 ගහක් වගේ තිබුණ ගුවන්විදුලි මහ ගහේ කොළ වේළිලා බිමට වැටිලා, පොඩි වල්පැළ ඉස්මතු වෙලා තිබෙන රටක කොහොමද ගුණවත් ශ‍්‍රාවකයෝ හැදෙන්නේ. ඒනිසා රූපවාහිනී ගුවන් විදුලි නිවේදන කටයුතුවල යෙදෙන පරිස සමාජය පිළිබදව නිරන්තරයෙන් සබුද්ධික විය යුතුයි.

 ප‍්‍රශ්නය . විද්‍යුත් සන්නිවේදනය ගත්විට කටහඬට පමණක් වැඩි ඉඩක් වෙන්වන ආකාරයක් මේ වනවිට දකින්නට ලැබෙනව. සමාජය ඥානනය කිරීම පිණිස සන්නිවේදකයාගේ බාහිර ස්වරූපය සහ කටහඬ පමණක් ප‍්‍රමාණවත්ද…

 පිළිතුර- ගුවන්විදුලියේ කටහඬ. රූපවාහිනියට රූපය. මේ තමයි මේ මාධ්‍ය දෙක ප‍්‍රධාන විදියට වෙන් වෙන විදිය. ඒත් මගේ පිළිගැනීම අනුව ඕනම නිවේදකයෙක්ගේ මුල තියෙන්න ඕන ගුවන් විදුලි මාධ්‍යයේ. හේතුව ඔහු හිස්තැන් පුරවන්නේ වචනවලින්. රූප මාධ්‍යයට හිස් තැන් පුරවන්න රූප තියනවා. ඒ නිසා ගුවන් විදුලිය වචන ගබඩාවක් හදාගන්න කෙනකුට පාසලක්. රූපය නැතුව රූපවාහිනී මාධ්‍යයේ වර්තමානයේ පවතින්නම බෑ. ඒකට විවිධ අදහස් තියෙයි.. මම කියන්නේ වර්තමාන රූපවාහිනී කලාවේ රූපමත් බව , ප‍්‍රියමනාප බව අත්‍යවශ්‍යයි. නමුත් එය එකම මිනුම් දණ්ඩ වෙන එක එච්චර උචිත නෑ.

 ප‍්‍රශ්නය. රූපවාහිනි නිවේදකයකු ලෙස ඔබට හිමි භූමිකාව තුළ ඔබ තෘප්තිමත්ද..?

 පිළිතුර- දැන් තරමක් දුරට සෑහීමකට පත් වෙන්න පුළුවන්. ඒත් මට රූපවාහිනීයේ විවිධ වැඩසටහන් ලැබුණා මදි කියලා හිතෙනවා. මාව එක පැත්තකට කොටු වුණා. නමුත් මම හැමදේකම හොඳ පැත්ත ගැන වැඩිපුර හිතන කෙනෙක්. චරණ පටන් ගත්ත නිසා මගේ ඇතුළේ හිටපු සන්නිවේදකයාට අවස්ථාවන් පුළුල් වීමේ වැඩි ඉඩකඩක් ලැබුණා. කියලා හිතෙනවා. ඒත් මට හිතෙනවා නිර්මාණකරුවෙක් විදියට තාම මම සක‍්‍රීය වුණා මදි කියලා.

 ගුවන්විදුලියේ වසර 20 ක දැනුම, රූපවාහිනීයේ වසර 15ක අද්දැකීම්,ඒ සඳහා ලැබුණ ඇගයීම්, අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ වසර 8ක අද්දැකීම් එක්ක තමයි මම මගේ දේවල් සැලසුම් කරන්නේ. ඒ නිසා මට වාසනාව ලැබුණා අඩු වැඩි වශයෙන් මේ හැම ක්ෂේත‍්‍රයකම කටයුතු කරන්න. ඒ වාසිය මම උපරිමයෙන් භුක්ති විඳිනවා. ඒවගේම මගේ ඇතුළේ ඉන්න නව නිර්මාණකරුවට තව කාලය තියනවා.

 ප‍්‍රශ්නය. කවි 10ට ගී දහයක් වැඩසටහන මේ වනවිට පේ‍්‍රක්ෂක සමාජය තුළ අතිශය ජනප‍්‍රියත්වයට පත් වැඩසටහනක් . ඒ වගේම වෙනස්ම ආකෘතියක් සහිත ඉදිරිපත් කිරීමක් . ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස .

 පිළිතුර- කවි පොතක් විකුණන්න අමාරු කාලෙක කවි වැඩසටහනක් ජනප‍්‍රිය වීම කියලා කියන්නේම වෙනස් වැඩක්. මේක ඇතුළේ කතා ගොඩාක් තියනවා. එකක් තමයි හරියට එතුවොත් අලෙවි නොවෙන දෙයක් නෑ. ඒකට අවශ්‍ය කාලයට හරි යන ඇසුරුම්කරණය. ගොඩාක් ගීත විචාර වැඩසටහන් තියෙනවා. ඒ නිසා එයම කරන්න බැරි නිසා අලූත් විදියට හිතපු වැඩක් මේක. මුලදි මේ වැඬේ අභියෝගාත්මක එකක් වුණාට , දැන් එය රටට හරිම හුරුයි. බහුතරයක් දෙනා කවිය

 ගැන හොයනව විතරක් නෙමෙයි කවි පොත් හොයාගෙන දැං පොත් සාප්පුවලටත් යනවා. තරුණ කවියෝ දැන් කොච්චර ජනප‍්‍රිය ද. මේ වැඩසටහන තුෂාන්ත විදානගේ සහ සª අත්තනායක ඉතාම කැපවීමෙන් දින දින ඉදිරියට අරං යනවා.

 ප‍්‍රශ්නය . කවිය සහ ගීතය අතර සමීප සහෝදරත්වයක් ඇති කිරීමට ඔබ විසින් ප‍්‍රශස්ත මෙහෙයක් සිදු කරන ආකාරයක් දකින්නට ලැබෙනව. ඒ පිළිබඳව ඔබ තෘප්තිමත්ද?

 පිළිතුර- තෘප්තිමත් වුණොත් මේ වැඬේ ඉවර වෙන්න ඕන. ඒ නිසා තවම තෘප්තිමත් නෑ. තව දුර යන්න නිදහස් මාධ්‍ය ඉඩක් ලැබුණොත් මීටත් වඩා දේවල් කරන්න පුළුවන්. ලංකාවේ ආයෙත් කවිය බබළවන්න පුළුවන්. හේතුව ලංකාවේ පුදුම තරම් දක්ෂ කවියෝ, කිවිඳියෝ ඉන්නවා.

 ප‍්‍රශ්නය . කවිය, ගීතය ඇසුරේ සමීප ඇසුරක් පවත්වන රූපවාහිනී නිවේදකයකු ලෙස මෙරට පේ‍්‍රක්ෂක රස වින්දනය පිළිබඳ ඔබගේ කියවීම කෙබඳු ද?

 පිළිතුර- ලංකාවේ ඉතාම උසස් රසවින්දන සමාජයක් ඉන්නවා. ඒ අය ඉන්නෙ හැංගිලා. වැඩසටහනකට දුරකතනයෙන් කතා කරන, ප‍්‍රතිචාර දක්වන අය විතරක් ඉලක්ක වුණාම රසවින්දනය සහිත බොහෝ පිරිසක් නිහඬ වෙනවා. මම පෞද්ගලිකව දන්නවා ලංකාව වගේ රටක කලා නිර්මාණ රස විඳීමේ ඉඩකඩ ඉතාමත් සීමා සහිතයි. ඒ නිසා රසවින්දනයේ සීමාමායිම් තවතවත් පුළුල් විය යුතුයි. නිර්මාණාත්මක සමාජයක් නිර්මාණය විය යුත්තේ එහෙමයි.

 සංවාදය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment