කිසියම් ආණ්ඩුවක් රජයක් තීරණයක් ගත්තහම ඒ තීන්දුව යහපත් නම් කි‍්‍රයාත්මක කිරීමේ වගවීම තියෙන්නේ සමස්ත ජනතාවට. ඒ නිසා රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරනවා වෙනුවට හැකි උපරිම සහයෝගය දක්වමින් කොම්පෝස්ට් සහ මේ කියන කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා වෙර වීරිය දැරීම බව කැලණිය විශ්වවිiාලයේ කථිකාචාර්ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ වස විසෙන් තොර කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධව පල්ලෙවෙල ගොවිජන සේවා බල ප‍්‍රදේශයේ බාඳුරාගොඩ ‘මහසෙන්’ ගොවි සංවිධානය මෙහෙයවීමෙන් ප‍්‍රදේශයේ වැවිලිකරුවකුවන අසෝක මුදන්නායක මහතාගේ වලව්වත්ත ගොබිමේ කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහනට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසූහ. ඉස්සර කාලේ හැම බිමකම, හැම කුඹුරකම මී ගස් තිබුණා. ඒ ගසේ ඇට, කොළ, දලූ, පොතු සියල්ලම පොහොර බවට පත්වුණා. මී කොළ වතුරට වැටිලා වතුරත් එක්ක එකතු වුණහම ඒ සංයුතිය අනුව හැදෙන ස්වභාවික යූරියා තමයි පොහොර බවට පත්වුණේ. සුද්දගේ කාලේ මී ගස සම්පූර්ණයෙන් ම කපන්න කියල නියෝගයක් නිකුත් කළා. මී ගස තමයි ජාතියේ පොහොර ගස. මේ පිටරටින් ආපු රසායනික පොහොර නිසා තමයි අපේ වකුගඩුවත් නැතිවෙලා තියෙන්නේ.

මෙම අවස්ථාව පල්ලෙවෙල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර මල්ලිකා විජේසේකර මහත්මිය ඇතුළු නිලධාරීන්ගේ සහයෝගයෙන් වතු කළමනාකරු වන එල්. ඒ. ජයවීර මහතාගේ අනුග‍්‍රාහකත්වයෙන් කි‍්‍රයාවට නැංවිණි.
සුජාතා ජයරත්න, එම්. එදිරිසිංහ, දිවුලපිටිය අයි. එම්. අබේරත්න