රසායනික පොහොර වර්ග ආනයනය කිරීම සහ භාවිත කිරීම තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය අපේ‍්‍රල් 27 වැනිදා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර සමගි ගොවිජන පෙරමුණේ සභාපති හේමකුමාර නානායක්කාර සහ සමගි ගොවිජන පෙරමුණේ ලේකම් පී. හැරිසන් යන මහත්වරු ඊයේ (06 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත් කේ. විජේසිංහ, ජාතික පොහොර ලේකම් කාර්යාලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා නම් කර ඇත. කැබිනට් මණ්ඩලයේ එකී තීරණය අනුව කටයුතු කිරීම නිසා කෘෂිකර්මාන්තය ජීවන උපාය මාර්ගය කරගත් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් මහත් පීඩනයට ලක්වී ඇති බවත් ඔවුන් වගා කරන භෝගවල අස්වැන්න පහත වැටී ඇති බවත් ගොවිතැන් කටයුතු සඳහා වැය කරන වියදම ඉතා ඉහළ ගොස් ඇති බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබිණි. එබැවින් සිය පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙනතුරු කැබිනට් මණ්ඩලයේ එම තීරණය කි‍්‍රයාත්මක කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරනා ලෙසත් කැබිනට් මණ්ඩලයේ එම තීරණය රටේ ගොවි ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඒ. ජේ. ඒ. අබේනායක