මාර්තු 12 ව්‍යාපාරය
රත්තරන් හා දුරකථන මෙරටට අප්රකාශිතව රැගෙන ඒමේ චෝදනාවකට ලක්ව දඩ මුදල ගෙවීමට සිදු වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අලි සබ්රි රහීම්ගෙන් අය කර ගන්නා ලද දඩ මුදල ප්රශ්නකාරී වන්නකැයි මාර්තු 12 ව්‍යාපාරය අවධාරණය කරයි.
1988 රේගු ආඥා පනත ප්‍රකාරව ඔහුගෙන් දඩ මුදල අය කර ගත් අන්දම සැලකීමේදී එම පවතින රෙගුලාසි වර්තමානයට ගැලපෙන ලෙස සංශෝධනය විය යුතුව ඇතැයි ද එම ව්‍යාපාරය කියයි.
තවදුරටත් ඔහු මන්ත්‍රී ධුරය දැරීමට සුදුස්සෙකු නොවන බව ද සඳහන් කරන එම ව්‍යාපාරය මෙවැනිම චෝදනාවකට තම පක්ෂයේ මන්ත්රීවරයයෙකුව සිටි හේවාහැට අනුර ඩැනියෙල් මහතා ලක් වූ විට ඔහුව මන්ත්‍රී ධුරයෙන් නෙරපීමට කටයුතු කළ අන්දම ආදර්ශයට ගෙන මෙම සිද්ධියේදී ගත යුතු පියවර ගැනීමට ප්‍රමාද නොකළ යුතු බව ද මාර්තු 12 ව්‍යාපාරය පවසයි.
රනිල් ධර්මසේන