රාගම රෝහලේදී මියගිය කාන්තාවකගේ මළ සිරුර අතුරුදන්

435

* රාගම සහ කිරිබත්ගොඩ පොලිස් ස්ථාන පැමිණිල්ල බාර ගන්නත් බෑ කියලා

* මවගේ සිරුර සොයා ගැනීමට නොහැකිව  දරුවෝ අසරණ වෙති

රාගම රෝහල වෙත නේවාසික වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම ස`දහා රෝහල් ගත කර සිටි වයෝවෘද්ධ කාන්තාවක් මියයෑමෙන් පසුව ඇයගේ සිරුර අතුරුදන් වී ඇති බවට පැමිණිලි ලැබී ඇති බව රෝහල් ආරංචි මාර්ග ස`දහන් කරයි.

ඇය වත්තල හුණුපිටිය රාහුල මාවතේ පදිංචි අලගේසන් ශිවගාමී නමැති 71 හැවිරිදි කාන්තාවකි.

ඇය ඉකුත් 12 දින නේවාසික වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම ස`දහා රාගම රෝහලේ කොරෝනා ආසාදිතයන් ප‍්‍රතිකාර ලබන 30 වැනි වාට්ටුවට ඇතුළත් කර තිබේ.

ඉන් පසුව 13 දින ඇයගේ පුතුන් ඇය බැලීමට රෝහලට ගිය විට ඇය මිය ගොස් ඇති බව රෝහල් බලධාරීන් විසින් දැනුම් දී තිබේ.

පසුව ඇයගේ මළසිරුර භාර ගැනීමට පැමිණ සිටි පුතුන් රෝහල් මෘත

ශරීරාගාරය වෙත කැ`දවා මළ සිරුර භාර දීමට සූදානම් වුවද එය තම මෑණියන්ගේ නොවන බව පවසා ඔවුන් එම මළ සිරුර භාර ගැනීම ප‍්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව රෝහල් බලධාරීන් 13 දින නිදහස් කළ මළ සිරුරු කීපයක භාරකරුවන් රෝහල වෙත ගෙන්වා මෙසේ මිය ගොස් ඇති කාන්තාවගේ මළ සිරුර සොයා ගැනීමට දැඩි වෙහෙසක් ගෙන තිබේ.

එහෙත් මේ වනවිට එම මළ සිරුර සොයා ගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබේ. එනිසා මෙසේ මියගිය කාන්තාවගේ පුතුන් මේ පිළිබඳව පැමිණිළි කිරීමට රාගම සහ කිරිබත්ගොඩ පොලසිි වෙත ගොස් ඇති අතර එම පොලිසි මෙම පැමිණිල්ල භාර ගැනීම ප‍්‍රතික්ෂේප කර තිබේ.

මෙම පසුබිම යටතේ මියගොස් ඇති කාන්තාවගේ මළ සිරුර සොයා ගැනීමට නොහැකිව ඇයගේ පුතුන් බලවත් සේ අසරණ වී සිටිති.

කටුනායක ටී.කේ.ජී.කපිල
 


advertistmentadvertistment