රාගම වෛද්‍යවරියගේ අරවගේ පිංතූර ගත් කොළඹ දොස්තර… මීට පෙරත් ඒ වැඬේම කරලා… මානසික ලෙඩක් දැයි සැකයක්

553

රාජු සමන්තුරය ප‍්‍රදේශයේ පදිංචි අයෙකි. එම ප‍්‍රදේශයේම පාසලක අධ්‍යාපනය හැදෑරූ ඔහු උසස් පෙළ උසස් ලෙස සමත් වී වෛද්‍ය විද්‍යාලය සඳහා තේරී පත් විය. වසර කිහිපයක් එහි අධ්‍යාපනය හැදෑරූ ඔහු අවසානයේ වෛද්‍යවරයකු වශයෙන් ඉන් පිටවිය. ඒ දැනට දශකයට පමණ පෙරයි.

රෝහල් කිහිපයක සේවය කළ රාජුට රාගම ශික්ෂණ රෝහලට මාරුවීමක් ලැබුණි. ඒ දැනට වසරකට පමණ පෙරයි. එලෙස ඔහු මාස කීපයක් සේවය කරද්දී තවත් තරුණ වෛද්‍යවරියකට ද මාරුවීමක් ලැබුණි. ඒ එම රෝහලට මයි. ඇය නමින් අමිතා සෙව්වන්දිය.

අවිවාහක අමිතා ඉතා රූමත් වෛද්‍යවරියකි. සුන්දරත්වයම නිසා වෛද්‍යවරු පමණක් නොව ප‍්‍රභූ පැලැන්තියේ තරුණයින් ද ඇයගේ ආදරය පැතූහ. එහෙත් ඒ කිසිවකුට ඇය කැමැත්ත පළ නොකළාය. වෙනත් තරුණ වෛද්‍යවරියන් මෙන් නොව ඇය රාජකාරියට මුල්තැන දෙමින් කටයුතු කළාය. කොළඹින් පිට පළාතක වූ ඇය චරිතවත් තැනැත්තියක වූවාය.

රාගම ශික්ෂණ රෝහලට පැමිණ දෙවැනි දිනයේ ඇයට තවත් වෛද්‍යවරයෙකු මුණ ගැසුණාය. නමින් ඔහු රාජුය. දුටු පළමු මොහොතේදීම රාජු, අමිතාව හැඳින ගත්තේය. එලෙස හැඳිනගත් ඔහු ඇයගෙන් මෙලෙස විමසුවේය.

ragama

”හායි අමිතා කොහොමද? මට නම් එකපාරට අදහගන්නත් බැහැ මේ ඔයා ද කියලා.”

ඇය එක්වරම රාජුගේ මුහුණ දෙස බැලූවාය. ඉන් පසු මඳ වෙලාවක් කල්පනා කළාය. ඒ අතර රාජු ඇයගෙන් යළි මෙලෙස විමසුවේය.

”ඇයි අඳුර ගන්න බැරිද?”

”අනේ සමාවෙන්න. එකපාරටම මට අඳුර ගන්න බැරි වුණා. මේ අපේ රාජු නේද?”

”ඔව් මම රාජු තමයි.”

”අනේ ඔයා ගොඩක් වෙනස්වෙලා.”

”එහෙමද? ඔයා නම් තවම එහෙමමයි. ඒ විදිහටම ලස්සනයි. තව අවුරුදු ගාණකින් දැක්කත් ඔය ලස්සන ඔය විදිහටම තියෙයි.”

”අනේ යන්න රාජු විහිළු නොකර. මමත් ගොඩක් වෙනස්වෙලා.”

”නැහැ අමිතා. ඔයා ඉස්සර වගේ තවමත් ලස්සනයි. ඒ හිනාව තවමත් ඒ විදියට මූණේ තියෙනවා. අපි එන්න එන්න වයසට යනවා. ඔයා එන්න එන්න ලස්සන වෙනවා.”

”අනේ නිකන් බටර් ගාන්නෙ නැතුව ඉන්න.”

”මම ඇත්ත කිව්වේ. බොලිවුඞ් නිළියොත් පරාදයි ඔයාගේ ලස්සනට. එක නොවෙයි මොකද මෙහෙ කරන්නේ.”

”මම ඊයෙ ඉඳන් මෙහේ වැඩ. ඔයා.”

”එහෙමද? ඇත්තටම සතුටුයි ඒකට. ඔයත් එක්ක මට වැඩ කරන්න පුළුවන් එහෙනම්. මම නම් දැන් ඇවිල්ල අවුරුද්දකටත් වැඩියි.”

රාජු සහ අමිතා වෛද්‍ය විද්‍යාලයේ එකම වසරේ අය වූහ. එදවස සිටන් ඔවුන්ගේ දැඩි මිත‍්‍රත්වයක් තිබුණි. වසර ගණනකින් යළි මුණ ගැසුණු නිසා රාජකාරිය පසෙක දමා දෙදෙනා ආ ගිය තොරතුරු පැය භාගයක් පමණ කතා කළහ.

එතැන් පටන් ලද සෑම මොහොතකම රෝහල තුළදී දෙදෙනා මුණගැසුණහ. සේවය කළහ. කෑම බීම ගත්හ. ආගිය තොරතුරු කථා කළහ. එම නිසා ඔහුන්ගේ මිත‍්‍රත්වය යළි යළිත් අලූත් විය.

සති කිහිපයක් එලෙස ගත වෙද්දී රාජුගේ යම් වෙනසක් අමිතාට දැනුනි. එහෙත් ඇය එය එතරම් ගණන් ගත්තේ නැත. ඒ ඇය රාජුව ඇසුරු කළේ තම සහෝදරයකු වශයෙන් නිසාය. එහෙත් රාජු එලෙස නොවුණි. ඔහු ඇයව ඇසුරු කළේ වෙනත් අරමුණක් යටි සිතේ සඟවා ගෙනයි.

රාජු නිතරම පාහේ අමිතාගේ සුන්දරත්වය, පිරිපුන් සිරුර ආදිය පිළිබඳව කල්පනා කළේය. එලෙස කල්පනා කරමින් මානසික වින්දනයක් ද ලැබුවේය. ඔහුට කෙලෙස හෝ උවමනා වූයේ හැකි ඉක්මනින් අමිතා සමග ආදර සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමටයි. ඒ සඳහා අමිතා ඉදිරියේ ඔහු නොයෙක් දෑ සිදු කළේය.

පැමිණි දින සිටම ඔහු ඇයව ළඟින් ඇසුරු කළේය. නොයෙක් ආකාරයේ උදව් උපකාර පවා සීමාවක් නොමැතිව සිදු කළේය. එහෙත් එ කිසිදු දෙයක් සිදු කර ඔහුට අමිතාගේ ආදරය දිනා ගැනීමට නොහැකි විය. අඩුම වශයෙන් එය ඇයට පැවසීමට තරම්වත් අවස්ථාවක් උදා නොවුණි.

රාජු ඒ පිළිබඳ ව සිටියේ දැඩි කනස්සල්ලකින්ය. එම කාලය අතරතුර රාජුට කොළඹ ජාතික රෝහල වෙත ස්ථාන මාරුවක් ද ලැබුණි. එය ඔහුට එල්ල වූ මරු පහරක් බඳු විය. ස්ථාන මාරුව දැනගත් ඔහු සිටියේ ඉතාමත් කනස්සල්ලෙන්ය. එයට ප‍්‍රධානම හේතු වූයේ අමිතා ගෙන් වෙන්වීමට සිදුවන නිසාය.

ස්ථාන මාරුව පිළිබඳව ඔහුට කළ හැකි කිසි දෙයක් නොමැති විය. එම නිසා සිතේ දුක තදකරන් අමිතා ගෙන් වෙන්වී රාජු කොළඹ ජාතික රෝහලේ සේවයට පැමිණියේය. එලෙස පැමිණි ඔහු අමිතා ගැන මතකය අමතක නොකළේය. දිනපතාම පාහේ ඇයගේ සැපදුක් විමසුවේය. සමහර අවස්ථාවලදී අමිතාට එය කරදරයක් ද විය. එහෙත් මිත‍්‍රත්වය මත ඒ සියල්ල ඇය ඉවසුවාය. ඇයට බැඳුණු සෙනෙහසේ තරම කොතරම්ද කිවහොත් දින කිහිපයක් කිසිම රාජකාරියක් නොමැතිව ඔහු රාගම රෝහලට පැමිණියේය. ඒ අමිතා මුණ ගැසීමටයි. එලෙස පැමිණි ඔහු බොරු හේතු පවසා අමිතාව රෝහලින් පිටතට විවේකයක් සඳහා රැගෙන යෑමට උත්සාහ කළේය. එහෙත් ඒ කිසිවක් සාර්ථක වූයේ නැත. අමිතා විවිධ හේතු පවසමින් එම අවස්ථා මග හැරියාය.

දිනෙන් දින වෛද්‍ය රාජුගේ සිතේ ඇය ගැන තිබූ ආදරය සහ රාගය වැඩි වන්නට පටන් ගත්තේය. එම නිසා ඔහුට ඇයගෙන් තොර ලොවක් නොතිබුණි. කිසිම විදිහකින් වත් ඔහුගේ එම වල්මත් වූ සිත පාලනය කර ගැනීමට නොහැකි විය.

”අමිතා වගේ කෙනෙක් මට ජීවිතේට හම්බෙලා නෑ. අනෙක් තරුණියෝ ළඟ නැති අමුතුම පෙනුමක් ඇය ළඟ තියෙනවා. බලන්නයි ඇයගේ ශරීරය. හරිම සරාගීයි. මගේ හිතේ තියෙන ආශාවන් ඉටු කරගන්න පුළුවන් ඇයගෙන් විතරයි. ඒක නිසා හොඳින් හරි නරකින් හරි ටික දවසකට අමිතාව මගේ කරගන්නවා.” වරක් නොව දස දහස්වාරයක් ඔහු එලෙස සිතුවේය. අවසානයේ ඔහුට සිත පාලනය කර ගැනීමට නොහැකි විය. එමනිසා ඔහු තීරණයකට පැමිණියේය. ඒ හොඳින් හෝ නරකින් අමිතාව තමන්ගේ කැමැත්තට නතුකර ගන්නා බවයි.

දිනය පසුගිය 10 වැනිදාය. කොළඹ ජාතික රෝහලේ සේවය නිම කළ ඔහු රාගම ශික්ෂණ රෝහල වෙත ගියේය. එලෙස ඔහු ගියේ අමිතා මුණ ගැසීමටයි.

ඔහු රාගම රෝහල් පරිශ‍්‍රයට ඇතුල්වන විට රාත‍්‍රී අට පසු වී තිබුණි. අමිතා ඒ වනවිට සේවය නිමවී එම රෝහලේම වෛද්‍ය නේවාසිකාගාරය වෙත යමින් සිටියාය.

ඇය රාගමින් පිට දුර පළාතක පදිංචිකාරිනියක් වූ නිසා රෝහලට පැමිණි දින සිට නැවතී සිටියේ එහි වෛද්‍ය නේවාසිකාගාරයක තනිවමයි. ඒ බව රාජු ද දැන සිටියේය.

අමිතා සේවය නිමවී වෛද්‍ය නේවාසිකාගාරය වෙත ගිය බව රෝහල් කාර්ය මණ්ඩලයෙන් රාජු දැනගත්තේය. ඒ අනුව ඔහු ද කාටත් හොරා ඇයගේ නේවාසිකාගාරය වෙත පියමං කළේය. මේ කිසිවක් නොදත් අමිතා වෙනදා මෙන් තම නේවාසිකාගාරයට පැමිණියාය. ඉන්පසු පුරුදු පරිදි සියලූම ඇඳුම් උනා දමා ඇය නාන කාමර වෙත ගියාය. ඒ නිදහසේ නා ගැනීම සඳහාය.

අමිතා එලෙස නාන කාමරයට ගිය පසු රාජු හොර රහසේම එම නේවාසිකාගාරයේ ජනේලයක් අයිනට වී සිටියේය. විනාඩි විස්සකින් පමණ පසු ඇය නාන කාමරයෙන් එළියට පැමිණියාය. එලෙස ඇය එළියට පැමිණියේ වෙනදා මෙන් තම නග්න සිරුර යළි තුවායකින් පිසදමමින්ය. නාන කාමරයෙන් එලෙස එළියට පැමිණි ඇයගේ නග්න සිරුර දුටු රාජුට ඉවසුම් නොමැති විය. ඉවසුම් නොමැති ඔහු එම අවස්ථාවේ හැසුරුණේ වෛද්‍යවරයකු මෙන් නොව කාම ආශාවෙන් පෙළුණු පහත් ගණයේ පුද්ගලයකු මෙන්ය.

විනාඩි කිහිපයක් අමිතාගේ නග්න සිරුරේ සුන්දරත්වය මනසින් විඳි ඔහු තම ජංගම දුරකථනය ගෙන ඇයගේ පින්තූර කිහිපයක් ද ගත්තේය. ඒ මොහොත වන විට ඔහු සිටියේ ඉමහත් කාම ගින්නකින් පෙළමින්ය. ඒ සමඟම ජනේලය අසල තිබූ යම් දෙයක් ඔහුගේ පය ගැටුණි. ඒ සමඟ ශබ්දයක් ඇසිණි.

තවමත් නිරුවත් සිරුර තුවායෙන් පිසදමමින් සිටි අමිතා ඒ ශබ්දය ඇසුනු ජනේලය දෙස බැලූවේය. ඒ සමගම ඔහු දුටුවේ ජනේලය අසල රාජු ජංගම දුරකථනයත් අතේ තබාගෙන සිටින බවයි. ඇය වහාම තම සිරුර තුවායෙන් වසාගෙන රාජුට මෙලෙස පැවසුවාය.

”මොකද ඔය ජනේලෙ ළඟ ෆෝන් එකත් අරන් කරන්නේ.”

”මම ඔයාව හම්බවෙන්න ආවා.”

”රාජු එහෙම එන එක හොඳ නැහැ නේද? මම මෙතන තනියම ඉන්නේ ඔයා එක හොඳට දන්නවා.”

”ඒක තමයි ජනේලය අයිනට වෙලා හිටියෙ. ඔයා එළියට එනකන්.”

”අනේ යන්න බොරු නොකිය. ෆෝන් එක අතේ තියාගෙන මගේ පින්තූර ගත්ත නේද?”

”නැහැ මම ගත්තෙ නැහැ.”

”බොරු කියන්න එපා. සද්දෙ ඇහෙන කොට මම දැක්කා ෆෝන් එක ඔයාගේ අතේ තිබුණේ. ගත්ත පින්තූර මකලා දාන්න. විහිළු කරන්නේ නැතුව.”

”අනේ මට බෑ. ඒව මගේ ළඟ තිබුණහම නිතරම ඔයාව මතක් කරගන්න පුළුවන්.”

”අනේ රාජු ඔය වගේ වැඩ කරන්න එපා. ඒ ෆොටෝ ටික ඩිලීට් කරලා දාන්න.”

ඒ සමඟම ඇය රාජු ළඟට ගොස් ඔහුගේ ජංගම දුරකථනය උදුරා ගත්තය. එලෙස උදුරා ගත් ඇය එම ජංගම දුරකථනය තුළ තිබෙන තමන්ගේ නිරුවත් පින්තූර මකා දැමීමට උත්සාහ කළාය. එහෙත් ඇයට එම පින්තූර සොයා ගැනීමට නොහැකි වූවාය. ඒ වන විටත් රාජු එම පින්තූර ජංගම දුරකථනයේ වෙනත් ස්ථානයක සඟවා තිබුණි.

”ඔයාට ඒ පින්තූර හොයාගන්න බැරිවුණා නේ. ඒක නිසා මම කියන දේට එකඟ වෙන්න.”

”මොකටද ?”

”මට කැමතිවෙන්න අමිතා. මම ඉල්ලන්නෙ එච්චරයි. ඊට පස්සේ මං මේ සේරම පින්තූර ඩිලීට් කරලා දාන්නම්. නැත්නම් මම මේවා ළඟ තියාගෙන මොනවා කරයිද මන්දා.”

එලෙස පවසමින් ඔහු එම ස්ථානයෙන් පිටත්ව යෑමට සැරසුණේය. ඔහු එලෙස පිටව යන මොහොතේත් අමිතා නැවත නැවතත් ඉතා බැගෑපත්ව පැවසුවේ තමන්ගේ නිරුවත් පින්තූර මකාදමන ලෙසයි. එහෙත් ඇය ගැන අසහනයෙන් සිටි රාජු එය නෑසුන ගාණට එම ස්ථානයෙන් පිටව ගියේය. තමන්ගේ නිරුවත් පිංතූර යොදාගෙන ඔහු මොනවා සිදු කරයිද? යන්න ඇයට මහත් ගැටලූවක් වූවාය. එම නිසා වහාම මේ පිළිබඳව පොලීසියට පැවසිය යුතු යයි එක්වරම ඇය සිතුවාය. ඒ අනුව ඇය හදිසි ඇමතුම් ඒකකයට කතා කර එම වෛද්‍යවරයා පිළිබඳ පැමිණිලි කළාය.

එම වෛද්‍යවරියගේ පැමිණිල්ලට අනුව ක‍්‍රියාත්මක වූ රාගම පොලිසියේ නිලධාරීහු කොළඹ ජාතික රෝහලේ සේවය කරන සැකකාර වෛද්‍යවරයා ජංගම දුරකථන දෙකක් සමඟ ද අත්අඩංගුවට ගත්හ. එලෙස අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහුගේ එම ජංගම දුරකථනවල තිබී එම වෛද්‍යවරියගේ සහ තවත් තරුණියන් කිහිප දෙනෙකුගේ නිරුවත් පිංතූර සොයා ගන්නා ලදී.

වෛද්‍යවරියකගේ නිරුවත් පිංතූර ලබා ගැනීමේ චෝදනාව යටතේ සැකකාර මෙම වෛද්‍යවරයාව රාගම පොලිසියේ නිලධාරීහු අධිකරණයට ඉදිරිපත් කළහ. එහිදී මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ සැකකාර වෛද්‍යවරයාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

කොළඹ ජාතික රෝහලේ සේවය කළ සමන්තුරය ප‍්‍රදේශයේ පදිංචි මෙම වෛද්‍යවරයා එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ පසු ඔහුට විරුද්ධව තරුණියන් දෙදෙනෙක් තවත් පැමිණිලි දෙකක් දමා තිබුණි. ඒවාද නිරුවත් පින්තූර ලබාගැනීමේ සිද්ධි පිළිබඳවයි. මේ වන විටත් පොලිසිය ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරමින් පවතී.

සැකකාර වෛද්‍යවරයා පිළිබඳ දැනට ලැබී ඇත්තේ පැමිණිලි දෙකක් පමණි. ඉදිරියේදී තවත් මෙය වැඩි වීමට ඉඩ ඇත. ඒ මන්ද යත් මෙම වෛද්‍යවරයාගේ මනස කාමයෙන් විකෘති වී ඇති නිසාය.

වෛද්‍ය වෘත්තියට ද නිගා ගෙන දෙන මෙවැනි වෛද්‍යවරුන්ට හැකි උපරිම දඬුවම් ලබාදිය යුතුය. එසේ නොවුණහොත් මෙවැනි වෛද්‍යවරු අසනීපයකට බෙහෙත් ගැනීමට පැමිණෙන අහිංසක තරුණියන්ටත් මෙවැනි ලිංගික හිරිහැර කිරීමට පවා පෙළඹෙනු ඇත.

– ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment