රාගම හොරපෙ ප‍්‍රදේශයේ නිවසක ගෙමිදුලකින් නයි පැටවුන් 20 දෙනෙකු හමුවීමේ පුවතක් දිවයිනට වාර්තා වෙයි. පසුගිය සිකුරාදා (02 වනදා) එක් නයි පැටවකු නිවසෙහි දරුවෙකුට දෂ්ට කර ඇති අතර දරුවා රාගම රෝහලට ඇතුළත් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව එම නයි පැටවුන් වනජීවී දෙපාර්තමේන්තුවට භාර දීමට පොලිසිය විසින් කටයුතු කර ඇත.
ගම්පහ සමූහ – සුසිල් රණමුක