රාජකීය, විශාඛා, ආනන්ද ඇතුළු ජාතික පාසල් 90 කට නව විදුහල්පතිවරුන් පත්කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිවයින’ ට ඊයේ (10දා) පැවැසීය.
මෙම පාසල්වල විදුහල්පතිවරුන් දෙසැම්බර් 31 වනවිට විශ‍්‍රාම යෑමට නියමිත බවත් ජනපි‍්‍රය පාසල් රැුසක විදුහල්පතිවරුන් සේවා දිගුවක් ලබාදෙන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් කරන බවත් ලේකම්වරයා කීය. වැඩබලන විදුහල්පතිවරුන් ලෙස 5000 ක් සේවය කරන බවද හෙතෙම කීය.
රාජ්‍ය සේවයේ වසර 60 දක්වා තෘප්තිමත්ව සේවාවක් කර වෙනත් අයට ද එම අවස්ථාව ලබාදී විශ‍්‍රාම යෑමට පුරුදු විය යුතු බව පැවසූ අධ්‍යාපන ලේකම්වරයා පාසල්වලට විදුහල්පතිවරුන් තෝරා ගැනීම සඳහා ගැසට් කර අයදුම්පත් කැඳවා තිබෙන බව ද කියා සිටියේය.
සේවා දිගුවක් ඉල්ලන ඇතැම් විදුහල්පතිවරුන්ට විවිධ චෝදනා එල්ල වී තිබෙන බව කී ලේකම්වරයා රුපියල් පන්දහසේ කොළ 95 ක් විදුහල්පති කාමරයේ සුන්බුන් පුළුස්සා දැමීමේදී හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක්තරා විදුහල්පතිවරයකුට එරෙහිව විමර්ශනයක් සිදුවන බව ද පැවැසීය.
චමින්ද සිල්වා