ශ්‍රී ලංකාව තුළ සිදුවූ ආර්ථික අපරාධ පිළිබඳව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ හා හිටපු ආර්ථික කටයුතු ඇමැති බැසිල් රාජපක්‍ෂ යන තිදෙනාට චෝදනා එල්ල කර ඇත. මෙසේ චෝදනා එල්ලකර ඇත්තේ ් – ්‍යඍක් – 51- 5 වාර්තාවට අනුවය. ශ්‍රී ලංකාව සම්බන්ධව කෙටුම්පත් කර ඇති පිටු 36ක වාර්තාව අද (සැප්තැම්බර් 13දා) මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරෙන අතර එම වාර්තාවෙන් මෙම තිදෙනාට එරෙහිව චෝදනා නගා තිබේ.
මානව හිමිකම් සමුළුවකදී රටක හිටපු නායකයන්ට එරෙහිව ආර්ථික අපරාධ ගැන චෝදනා එල්ල කළ මුල් වතාව මෙයයි. ශ්‍රී ලංකාවේ ජනතාව දැඩි ආර්ථික ප්‍රශ්නවලට මුහුණපා සිටියදී මෙම තිදෙනා නිසි පියවර නොගැනීම නිසා රට තුළ අරාජික තත්ත්වයක් මතුවී බඩු මිල ඉහළ ගොස් ඇති බවට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මානව හිමිකම් කොමසාරිස් වෙත පැමිණිලි කර තිබේ.
ප්‍රංශයෙන් අයිස්ක්‍රීම්ද, ඔස්ටේ්‍රලියාවෙන් කේක්ද ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට රජය ක්‍රියාකර ඇතැයි එම පැමිණිලිවල දක්වා තිබේ.
කීර්ති වර්ණකුලසූරිය