රාජ්‍ය ආයතන ගැන සජබෙන් දැඩි තීරණයක්

199

සංවර්ධනය සඳහා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යයක් බව ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය. රජය සමාජවාදය, ලිබරල්වාදය හා නව ලිබරල්වාදී ප්‍රතිපත්ති අනුගමනය කරනවා යැයි කියමින් වරින් වර එක එක වැරදි ප්‍රතිපත්ති අනුගමනය කිරීමේ ප්‍රතිවිපාකයක් ලෙස රට ආර්ථික වශයෙන් විනාශ වී ඇතැයි මන්ත්‍රී වරයා කීය. රටට ජාත්‍යන්තර සහාය නොලැබී ගියා පමණක් නොව මේ රටේ ජනතාවට ජාත්‍යන්තරය සමග සම්බන්ධතා පැවැත්වීමට තිබෙන ඉඩ ප්‍රස්ථා ද ඇහිරී යමින් පවතින බව ද සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාව අමතමින් කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment