රාජ්‍ය පරිපාලන විදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන හා කම්කරු අමාත්‍යාංශ නව ලේකම්වරයා ලෙස එස්. ආලෝක බණ්ඩාර මහතා පත්කර ඇත.
අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ (3 දා) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඒ මහතා වෙත බාර දුන්නේය.
නව පත්වීම් ලැබූ ආලෝක බණ්ඩාර මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරමින් සිටිය දී නව පත්වීම සිදුවිය.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස නව රජය පත්වීමෙන් පසුද එම අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි ප්‍රදීප් යසරත්න මහතා පත්කරන ලදී. යසරත්න මහතා මේ වසර අවසානයේ විශ්‍රාම යෑමට නියමිතව සිටියත් ඔහු පසුගියදා විශ්‍රාම යෑම නිසා ලේකම් ධුරයේ පුරප්පාඩුව ඇතිවිය.
චමින්ද සිල්වා