විශ්‍රාමික රාජ්‍ය සේවකයන් සඳහා රජය මගින් ලබාදෙන රුපියල් 3000ක දීමනාව රාජ්‍ය බැංකු විශ්‍රාමිකයන්ට ද ලබාදෙන ලෙස රාජ්‍ය බැංකු විශ්‍රාමික සංවිධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටී.
පසුගිය ජනාධිපතිවරණය හේතුවෙන් රුපියල් 3000ක දීමනාව නතර කර ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු මේ මාසයේ (ඔක්තෝබර්) සිට විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ට තුන්දහසේ දීමනාව ලබාදෙන බවත් රාජ්‍ය බැංකු විශ්‍රාමිකයන්ට ද එම දීමනාව ලබාදෙන ලෙසත් එම සංවිධානයේ සභාපති ඩබ්ලිව්.පී.ඒ. පතිරණ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
රාජ්‍ය බැංකු වන මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව මේ වනවිට ලබා ඇති ප්‍රගතිය බලා ඒවායේ විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක දීමනාව ලබාදීම සඳහා එම බැංකුවල සභාපතිවරුන්ගේ අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද පතිරණ මහතා පවසයි.
චමින්ද සිල්වා