රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත අනිද්දා මැතිසබයට

69

මෙතෙක් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පැවැති අඩුපාඩු සියල්ල සම්පූර්ණ කරමින් නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සම්පාදනය කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජත් සියඹලාපිටිය මහතා පවසයි.

මේ නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත අනිද්දා (22දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද රාජ්‍ය ඇමැතිවරයා කියයි.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය විධිමත් කිරීමට මීට පෙර විවිධ උත්සාහයන් හා පියවර ගෙන තිබුණත් රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් සියලු පැතිකඩ ආවරණය වන කේන්ද්‍රීය පනතක් මෙතෙක් නොතිබූ බව ද ඇමැති සියඹලාපිටිය පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව යන ආයතන මගින් මේ ගැන දිගින් දිගටම කරුණු පෙන්වා දුන් බවත් ඒ අනුව ලෝකයට

ගැළපෙන ශක්තිමත් මූල්‍ය පනතක අවශ්‍යතාව සපුරාලමින් මේ නව පනත ගේන බව ද ඇමැතිවරයා තවදුරටත් කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment