මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා උපදෙස් දී තිබේ.
මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රි හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
එහිදී වෙසක් උත්සවය පැවැත්වීම පිළිබඳව අමාත්‍යවරයා අවශ්‍ය උපදෙස් දී තිබේ.

පුත්තලම කේන්ද්‍රකර ගනිමින් රාජ්‍ය වෙසක් මහෝත්සවය පැවැත්වීමට ජාතික තලයේ මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ ආයතන ද ඒකාබද්ධ කරගනු ලබන බව එම අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන මේ සඳහා දායක වෙයි.
මේ පිළිබඳව පැවති සාකච්ඡාවට මහා සංඝරත්නය, ජල සම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත, ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අසෝක ප්‍රියන්ත, හිටපු නියෝජ්‍ය ඇමැති නියෝමාල් පෙරේරා හා රාජ්‍ය නිලධාරීහු ද සහභාගි වී සිටියහ.