රාජ්‍ය වෙසක් සතිය අද සිට 16දා තෙක් නුවරඑළියේ දී

61

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වැනි රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව, මෙවර වෙසක් සතිය අද 10දා සිට 16දා දක්වා නුවරඑළිය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, ජනාධිපති කාර්යාලය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව එම කටයුතු සැලසුම් කර ඇත.

සතුන් ඝාතනය කරන ස්ථාන, මස් අලෙවි සල්, රේස් බුකි, කැසිනෝ ශාලා, සමාජ ශාලා වෙසක් සතිය හේතුවෙන් 12, 13, 14 දිනවල වසා තැබෙනු ඇත.

ඊට අමතරව දිවයින පුරා පිහිටි සුරාසල් ද එම දින තුන තුළ වසා තැබේ.

අකිත පෙරේරා


advertistmentadvertistment