රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සීමා කරයි

468


රාජ්‍ය සේවය සඳහා අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය .
එහෙත් ඇතැම් ආයතනවල සේවය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය වෙනුවෙන් අතිරික්තව තිබෙන අංශවලින් සේවකයින් යොදාගැනීමට ද අනුමැතිය හිමිවූ බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත්කර ඇති අතර එයට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.

එමෙන්ම පසුගිය කාලයේ රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධීධාරීන් 60,000ක පමණ පිරිසට අවශ්‍ය ස්ථාන වෙන්කර ලබාදීම වෙනුවෙන් අදාළ කමිටුව මගින් ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment