රාජ්‍ය සේවයෙන් විශ‍්‍රාම ගිය සියල්ලන්ට අග‍්‍රහාර

316


රාජ්‍ය සේවයෙන් විශ‍්‍රාම ගොස් සිටින සියල්ලන්ට අග‍්‍රහාර රක්ෂණ
ප‍්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව හිමිව තිබේ. එසේ හිමිවන්නේ 2016 ජනවාරි 01 දිනට පෙර විශ‍්‍රාම ගිය රජයේ සේවකයන් සඳහාද
අග‍්‍රහාර රක්ෂණ යෝජනා ක‍්‍රමය යටතේ ප‍්‍රතිලාභ ලබාදීමට, මීට පෙර ලබාදී තිබූ කැබිනට් අනුමැතිය ක‍්‍රියාත්මක කිරීමට පසුගියදා රැුස්වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදීම හේතුවෙනි.
ඒ අනුව 2016.01.01 දිනට පෙර රාජ්‍ය සේවයෙන් විශ‍්‍රාම ගොස් සිටින 271, 551 පමණ වන පිරිසකටද අග‍්‍රහාර රක්ෂණ ප‍්‍රතිලාභ හිමිවීම ප‍්‍රායෝගික තත්ත්වයට පත්වීම ,සියලූ‍ විශ‍්‍රාමිකයන් උදෙසා තැබූ විශේෂ පියවරක් බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.


advertistmentadvertistment