රාජිතගේ විදෙස් ගමන් තහනම ඉවතට

56

හිටපු අමාත්‍ය සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛi රාජිත හරිස්චන්‍ද්‍ර සේනාරත්න මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් වැළැක්වීමේ නියෝගය ඉවත්කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්‍ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (01 දා) නියෝග කළාය.

2019.11.10 වැනිදා තිඹිරිගස්යාය ප්‍රදේශයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව රාජිත සේනාරත්න මහතා ඇතුළු සිවුදෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවක් සලකා බැලූ අධිකරණය එම තහනම් නියෝගය පනවා තිබිණි.

රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව මේ වනවිට නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බව විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment